150 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+
ඔහුගේ බලය කියාපාන ගුවන්තලය සිසාරා ඔහුට කරන ප්‍රශංසාව පැතිර යෑමට සලස්වන්න.+
2 ඔහුගේ බලවත් ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න.+
ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අතිමහත් නිසා ඔහුට බොහෝ සෙයින් ප්‍රශංසා කරන්න.+
3 හොරණෑ පිඹිමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
තත් භාණ්ඩ වාදනය කරමින්ද වීණා වයමින්ද ඔහුට ප්‍රශංසා කරන්න.+
4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.
තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්‍රශංසා කරන්න.
5 මිහිරි හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
6 පණ ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+