ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ+ වාදනය කරමින් ගායනා කිරීම සඳහාය. දාවිත් රචනා කළ ගීතයකි.
4 මාගේ ධර්මිෂ්ඨ දෙවියනි,+ මා ඔබට හඬගසන විට මට පිළිතුරු දෙන්න.
විපතින් ගැලවෙන මාර්ගය මට පෙන්වා දෙන්න.
මට කරුණාව පෙන්වා+ මාගේ යාච්ඤාවට සවන් දෙන්න.
2 මනුෂ්‍යයෙනි, ඔබ කොපමණ කාලයක් මට අගෞරව කරන්නහුද?+
කොපමණ කාලයක් නිෂ්ඵල දේවලට ප්‍රිය වන්නහුද?
ඔබ කොපමණ කාලයක් බොරුව පසුපස හඹා යන්නහුද? සීලාහ්.
3 මෙය දැනගන්න. යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේය.+
මා යෙහෝවා දෙවිට හඬගසන විට ඔහු සවන් දෙන්නේය.+
4 ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න.+
කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.+ සීලාහ්.
6 “අපට යහපතක් කරන්නේ කවුද” කියා බොහෝදෙනෙක් අසති.
යෙහෝවා දෙවියනි, ඔබේ අනුමැතිය අපට ලබා දෙන්න.+