ගීතාවලිය
යෙදූතුන් සංගීත අධ්‍යක්ෂක වෙතය. ආසාෆ්+ රචනා කළ ගීතයකි.
2 මම දුක් කරදරවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෙමි.+
මුළු රාත්‍රිය පුරාම මාගේ දෑත් දෙවි වෙතට දිගු කළෙමි.
නමුත් මා තුළ කිසි සැනසිල්ලක් නැත.+
5 අතීත දවස් ගැන මම කල්පනා කරමි.+
ඈත අතීතය ගැන සිහි කරමි.
6 රාත්රියේදී මම තත් භාණ්ඩ වාදනය කළ හැටි සිහි කරමි.+
මම ගැඹුරින් කල්පනා කරමි.+
මේ දේවල් ගැන හොඳින් සිතා බලමි.
10 මම මෙසේ කීවෙමි. “මහෝත්තම දෙවි අපට තවදුරටත් උපකාර නොකරන නිසා+
මට දරාගත නොහැකි මහත් වේදනාවක් දැනෙන්නේය.”+
13 ඔබ ක්‍රියා කරන ආකාරය ගැන දැනගත හැක්කේ ශුද්ධස්ථානයේදීය.+
දෙවියනි, ඔබට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් තවත් සිටීද!+
15 ඔබේ සෙනඟ වූ යාකොබ්ගේ පුත්‍රයන්වද යෝසෙප්ගේ පුත්‍රයන්වද
ඔබ ඔබේ හස්තයෙන් මුදවාගත්තෙහිය.+ සීලාහ්.
17 ගිගුරුම් දෙමින් වලාකුළුවලින් ජලය ඇද හැළුණේය.+
වලාකුළින් බර වූ අහස ශබ්ද නැඟුවේය.
18 ඔබේ ගිගුරුම් හඬ යුධ රථවල හඬ මෙනි.+
විදුලි කෙටීම් නිසා මුළු පොළොවම ආලෝකවත් විය.+
පොළොව කැලඹී දෙදරුම් කෑවේය.+
19 ඔබ මුහුද හරහා ගමන් කළෙහිය.+
ජල ධාරාවන් හරහා ඔබේ ගමන් මඟ වැටී තිබිණ.
ඔබේ පා සටහන් කිසිවෙකුට සොයාගත නොහැකි විය.