ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කිරීම සඳහාය. ආසාෆ්+ රචනා කළ ගීතයකි.
4 දෙවියනි, ඔබ ආලෝකයෙන් වට වී සිටින්නෙහිය. රුදුරු වනමෘගයන් සැරිසරන කඳුවලටත් වඩා ඔබ තේජාන්විතය.+
5 බලවන්තයන්ව පවා කොල්ල කනු ලැබුවෝය.+
ඔවුහු නිදිකිරා වැටුණෝය.+
එරෙහි වී නැඟී සිටීමට තරම් ශක්තියක් එඩිතර කිසිවෙකුට නොවීය.+
6 යාකොබ්ගේ දෙවියනි, ඔබ දුන් දඬුවම නිසා අශ්වයාද අශ්ව රථ පදවන්නාද තද නින්දකට වැටුණෝය.+
8 ඔබ දුන් තීන්දුව ස්වර්ගයේ සිට ඇසීමට සැලැස්වුවෙහිය.+
පොළොව බිය වී නිහඬ වුණේය.+
9 පොළොවේ සිටින නිහතමානී සියල්ලන්ව බේරාගන්නා පිණිස+
ඔබ නැඟී සිටියෙහිය.+ සීලාහ්.
10 මිනිසුන් කොතරම් උදහසකින් කටයුතු කළත් අවසානයේදී එයින් ඔබට ප්‍රශංසාව ලැබෙන්නේය.+
ඔවුන් කෝපය පිට කරන අවසන් මොහොත පවා ඔබ ඔබේ ගෞරවයට හරවාගන්නෙහිය.