ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 17
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 17:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:12
  • +ගණන් 33:2
  • +ගණන් 33:14

නික්මයාම 17:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21; ගණන් 14:2; 20:3
  • +ගණන් 14:22; ගීතා 78:18; 95:9; 106:14; ලූක් 4:12; 1කොරි 10:9; හෙබ්‍රෙ 3:9

නික්මයාම 17:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:2

නික්මයාම 17:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:6; යොහ 10:31

නික්මයාම 17:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:20
  • +එස 2:6

නික්මයාම 17:6

පාදසටහන්

  • *

    මෙහි සඳහන් වන්නේ සීනයි කන්ද අවට තිබෙන කඳුකර ප්‍රදේශය ගැනයි. දසපනත ලබා දුන් හොරෙබ් කන්ද ගැන නොවෙයි. එම ප්‍රදේශය සීනයි පාළුකරය ලෙසද හැඳින්වේ.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:8; ද්වි 8:15; නෙහෙ 9:15; ගීතා 78:15; 105:41; 114:8; යෙසා 48:21; 1කොරි 10:4

නික්මයාම 17:7

පාදසටහන්

  • *

    තේරුම, “පරීක්ෂා කිරීම.”

  • *

    තේරුම, “රණ්ඩු කිරීම.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:9; ද්වි 31:17; ක්‍රියා 7:39
  • +ද්වි 6:16; ගීතා 95:8; හෙබ්‍රෙ 3:8
  • +ද්වි 9:22; 33:8
  • +ගීතා 81:7

නික්මයාම 17:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:12
  • +ද්වි 25:17; 1සාමු 15:2

නික්මයාම 17:9

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා දෙවි දෙන ගැලවීම.” ග්‍රීක උච්චාරණයට අනුව මෙය ඉඑසූස් හෙවත් ‘යේසුස්.’

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:28; ද්වි 32:44; ක්‍රියා 7:45
  • +ගණන් 31:3
  • +නික් 4:2

නික්මයාම 17:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:15
  • +නික් 24:14

නික්මයාම 17:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:9

නික්මයාම 17:13

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:12

නික්මයාම 17:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:20; ද්වි 25:19; 1ලේක 4:43
  • +නික් 34:27

නික්මයාම 17:15

පාදසටහන්

  • *

    තේරුම, “මට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවිය” යන්න විය හැකියි.

නික්මයාම 17:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:12; යෙසා 12:2; 26:4; එළි 19:1
  • +යෙසා 66:1; ක්‍රියා 7:49
  • +1සාමු 15:20; එස්ත 3:1; 7:10; 9:24

වෙනත්

නික්. 17:1ගණන් 33:12
නික්. 17:1ගණන් 33:2
නික්. 17:1ගණන් 33:14
නික්. 17:2නික් 5:21; ගණන් 14:2; 20:3
නික්. 17:2ගණන් 14:22; ගීතා 78:18; 95:9; 106:14; ලූක් 4:12; 1කොරි 10:9; හෙබ්‍රෙ 3:9
නික්. 17:3නික් 16:2
නික්. 17:41සාමු 30:6; යොහ 10:31
නික්. 17:5නික් 7:20
නික්. 17:5එස 2:6
නික්. 17:6ගණන් 20:8; ද්වි 8:15; නෙහෙ 9:15; ගීතා 78:15; 105:41; 114:8; යෙසා 48:21; 1කොරි 10:4
නික්. 17:7නික් 34:9; ද්වි 31:17; ක්‍රියා 7:39
නික්. 17:7ද්වි 6:16; ගීතා 95:8; හෙබ්‍රෙ 3:8
නික්. 17:7ද්වි 9:22; 33:8
නික්. 17:7ගීතා 81:7
නික්. 17:8උත් 36:12
නික්. 17:8ද්වි 25:17; 1සාමු 15:2
නික්. 17:9ගණන් 11:28; ද්වි 32:44; ක්‍රියා 7:45
නික්. 17:9ගණන් 31:3
නික්. 17:9නික් 4:2
නික්. 17:10යොෂු 11:15
නික්. 17:10නික් 24:14
නික්. 17:11ගීතා 56:9
නික්. 17:13යොෂු 11:12
නික්. 17:14ගණන් 24:20; ද්වි 25:19; 1ලේක 4:43
නික්. 17:14නික් 34:27
නික්. 17:16ගීතා 94:12; යෙසා 12:2; 26:4; එළි 19:1
නික්. 17:16යෙසා 66:1; ක්‍රියා 7:49
නික්. 17:161සාමු 15:20; එස්ත 3:1; 7:10; 9:24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 17:1-16

නික්මයාම

17 ඊශ්‍රායෙල් ජනයා සින් පාළුකරයෙන් පිටත්ව ගියෝය.+ ඔවුහු යෙහෝවා දෙවි අණ කළ ලෙස+ තැනින් තැන නතර වෙමින් රෙෆිඩිම්+ වෙතට පැමිණ කඳවුරු බැඳගත්තෝය. නමුත් ඔවුන්ට බොන්න එහි ජලය තිබුණේ නැත.

2 එහෙයින් සෙනඟ, “අපිට බොන්න වතුර දෙන්න” කියමින් මෝසෙස් සමඟ වාද කළෝය.+ එවිට මෝසෙස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඇයි ඔබ මා සමඟ මේ විදිහට වාද කරන්නේ? නිතරම යෙහෝවා දෙවිව සැක කරමින් ඔහු ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා කර බලන්නේ ඇයි?”+ 3 පිපාසයෙන් පෙළුණු සෙනඟ මෝසෙස්ට විරුද්ධව මෙසේ මැසිවිලි නැඟුවෝය. “ඔබ අපව ඊජිප්තු දේශයේ සිට කාන්තාරයකට ගෙනාවේ ඇයි? අපිවත් අපේ දරුවන්වත් අපේ සතුන්වත් මරා දාන්නද?”+ 4 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කරමින්, “මම දැන් මොනවාද කරන්නේ? තව සුළු මොහොතකින් මේ සෙනඟ මට ගල් ගසයි”+ කියා කීවේය.

5 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නයිල් ගඟේ වතුරට පහර දුන් සැරයටිය+ රැගෙන ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ සෙනඟට පෙරටුවෙන් ගමන් කරන්න.+ 6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය. 7 ඊශ්‍රායෙල් සෙනඟ තමා සමඟ වාද කළ නිසාත්, “යෙහෝවා දෙවි ඇත්තටම අප අතරේ සිටිනවාද”+ කියමින් යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා කළ නිසාත්+ මෝසෙස් එම ස්ථානයට මස්සාහ්*+ හා මෙරිබා*+ යන නම් තැබුවේය.

8 අමලෙක්වරු+ රෙෆිඩිම්හිදී ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටනට ආවෝය.+ 9 එවිට මෝසෙස් යොෂුවාට*+ මෙසේ කීවේය. “අමලෙක්වරුන්ට විරුද්ධව සටනට යෑමට මිනිසුන්ව තෝරාගන්න.+ ඔවුන් ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් සටන් කළ යුතුයි. මමත් සැබෑ දෙවිගේ සැරයටිය+ අතැතිව හෙට කඳු මුදුනේ සිටිනවා.” 10 මෝසෙස් කියූ ලෙසම යොෂුවා අමලෙක්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස මිනිසුන්ව තෝරාගත්තේය.+ මෝසෙස්, ආරොන් සහ හූර්+ යන තිදෙනාම කන්ද මුදුනට ගියෝය.

11 මෝසෙස් තම අත ඔසවාගෙන සිටි විට ඊශ්‍රායෙල්වරු අමලෙක්වරුන්ට වඩා දක්ෂ ලෙස සටන් කළෝය.+ නමුත් මෝසෙස් තම අත පහත දැමූ විට අමලෙක්වරු ඊශ්‍රායෙල්වරුන්ට වඩා දක්ෂ ලෙස සටන් කළෝය. 12 මෝසෙස්ට තවදුරටත් තම අත් ඔසවාගෙන සිටින්න බැරි වූ විට ආරොන් සහ හූර් ඔහුට ඉඳගන්න ගලක් දී ඔහුගේ දෙපැත්තේ සිට ඔහුට අත් ඔසවාගෙන සිටින්න උපකාර කළෝය. මෙසේ හිරු බැස යන තෙක් ඔහු තම අත් පහතට දැමුවේ නැත. 13 යොෂුවා, අමලෙක්වරුන්ටද ඔවුන් සමඟ සිටි සෙනඟටද කඩුවෙන් පහර දී+ ඔවුන්ව පරාජය කළේය.

14 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “කාලයත් සමඟම මම අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ වී යෑමට සලස්වන්නෙමි. නැවත කිසිදාක ඔවුන්ව සිහි වන්නේ නැත.+ මා දැන් පැවසූ ඒ දේ ලියවිල්ලේ සටහන් කර+ යොෂුවා ඉදිරියේ ශබ්ද නඟා කියවන්න. එය සෙනඟට සිහිගැන්වීමක් වනු ඇත.” 15 ඉන්පසු මෝසෙස් පූජාසනයක් ගොඩනඟා එයට යෙහෝවා-නිස්සයි* යන නාමය තැබීය. 16 “අමලෙක්වරුන් යෙහෝවා දෙවිගේ+ සිංහාසනයට+ විරුද්ධව නැඟී සිටිය නිසා යෙහෝවා දෙවි ඔවුන්ගේ සියලු පරම්පරාවලදී ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නේය”+ කියමින් මෝසෙස් එම පූජාසනයට ඒ නාමය තැබීය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න