ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 18:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:21; 3:1
  • +යොෂු 2:10; 9:9

නික්මයාම 18:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:29
  • +නික් 2:22

නික්මයාම 18:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 23:15
  • +නික් 2:15; 2කොරි 1:10

නික්මයාම 18:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:2; 1රාජා 19:8

නික්මයාම 18:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:18; ගණන් 10:29

නික්මයාම 18:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:3; 2සාමු 14:33; රෝම 12:10

නික්මයාම 18:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3; 14:28; ද්වි 4:34; නෙහෙ 9:10
  • +නික් 15:22; 16:3; ගණන් 20:14
  • +ගීතා 81:7; 102:2; දානි 3:29

නික්මයාම 18:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29; රෝම 15:10

නික්මයාම 18:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:20; ලූක් 1:68

නික්මයාම 18:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; 2ලේක 2:5; ගීතා 95:3; 97:9; දානි 2:47

නික්මයාම 18:12

හරස් යොමු දැක්වීම්

  • +මලා 1:11
  • +උත් 31:54

නික්මයාම 18:13

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:2

නික්මයාම 18:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:19; ගණන් 12:8; 27:5

නික්මයාම 18:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:14; ද්වි 17:8; 1කොරි 6:1
  • +ද්වි 4:5; 5:1; 6:1

නික්මයාම 18:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:11
  • +ගණන් 11:14; ද්වි 1:9; ක්‍රියා 6:2

නික්මයාම 18:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:24; හිතෝ 9:9
  • +යොෂු 1:17
  • +නික් 20:19; ද්වි 5:5
  • +ගණන් 27:5

නික්මයාම 18:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:11; නෙහෙ 9:14; මාක් 10:3
  • +1සාමු 12:23; ගීතා 32:8; යෙසා 30:21; යෙරෙ 42:3; මීකා 4:2

නික්මයාම 18:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:17; ද්වි 1:13; ක්‍රියා 6:3; 1තිමෝ 3:2; තීත 1:9
  • +නික් 23:8; ක්‍රියා 20:33; 1තිමෝ 3:3; 1පේතෘ 5:2
  • +2ලේක 6:31; 19:7; යෝබ් 2:3; හිතෝ 8:13
  • +එස 18:8; දානි 6:5; 1තෙස 2:10; 1තිමෝ 3:7; තීත 1:7
  • +ද්වි 1:15; ක්‍රියා 14:23; තීත 1:5
  • +ගණන් 10:4

නික්මයාම 18:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:11; ගණන් 15:33; ද්වි 1:17
  • +ගණන් 11:17

නික්මයාම 18:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:14

නික්මයාම 18:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:15

නික්මයාම 18:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:5

නික්මයාම 18:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:2

නික්මයාම 18:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:29

වෙනත්

නික්. 18:1නික් 2:21; 3:1
නික්. 18:1යොෂු 2:10; 9:9
නික්. 18:3ක්‍රියා 7:29
නික්. 18:3නික් 2:22
නික්. 18:41ලේක 23:15
නික්. 18:4නික් 2:15; 2කොරි 1:10
නික්. 18:5නික් 19:2; 1රාජා 19:8
නික්. 18:6නික් 4:18; ගණන් 10:29
නික්. 18:7උත් 33:3; 2සාමු 14:33; රෝම 12:10
නික්. 18:8නික් 7:3; 14:28; ද්වි 4:34; නෙහෙ 9:10
නික්. 18:8නික් 15:22; 16:3; ගණන් 20:14
නික්. 18:8ගීතා 81:7; 102:2; දානි 3:29
නික්. 18:9ද්වි 33:29; රෝම 15:10
නික්. 18:10උත් 14:20; ලූක් 1:68
නික්. 18:11නික් 15:11; 2ලේක 2:5; ගීතා 95:3; 97:9; දානි 2:47
නික්. 18:12මලා 1:11
නික්. 18:12උත් 31:54
නික්. 18:13මතෙ 23:2
නික්. 18:15නික් 20:19; ගණන් 12:8; 27:5
නික්. 18:16නික් 24:14; ද්වි 17:8; 1කොරි 6:1
නික්. 18:16ද්වි 4:5; 5:1; 6:1
නික්. 18:18ගණන් 11:11
නික්. 18:18ගණන් 11:14; ද්වි 1:9; ක්‍රියා 6:2
නික්. 18:19නික් 18:24; හිතෝ 9:9
නික්. 18:19යොෂු 1:17
නික්. 18:19නික් 20:19; ද්වි 5:5
නික්. 18:19ගණන් 27:5
නික්. 18:20ද්වි 7:11; නෙහෙ 9:14; මාක් 10:3
නික්. 18:201සාමු 12:23; ගීතා 32:8; යෙසා 30:21; යෙරෙ 42:3; මීකා 4:2
නික්. 18:21ගණන් 11:17; ද්වි 1:13; ක්‍රියා 6:3; 1තිමෝ 3:2; තීත 1:9
නික්. 18:21නික් 23:8; ක්‍රියා 20:33; 1තිමෝ 3:3; 1පේතෘ 5:2
නික්. 18:212ලේක 6:31; 19:7; යෝබ් 2:3; හිතෝ 8:13
නික්. 18:21එස 18:8; දානි 6:5; 1තෙස 2:10; 1තිමෝ 3:7; තීත 1:7
නික්. 18:21ද්වි 1:15; ක්‍රියා 14:23; තීත 1:5
නික්. 18:21ගණන් 10:4
නික්. 18:22ලෙවී 24:11; ගණන් 15:33; ද්වි 1:17
නික්. 18:22ගණන් 11:17
නික්. 18:23හිතෝ 11:14
නික්. 18:24හිතෝ 12:15
නික්. 18:25ක්‍රියා 6:5
නික්. 18:26ක්‍රියා 15:2
නික්. 18:27ගණන් 10:29
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 18:1-27

නික්මයාම

18 දෙවි, මෝසෙස් වෙනුවෙන්ද තම සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන්ද කළ සියලු දේ මෝසෙස්ගේ මාමා වූ මිදියන්හි පූජක යෙත්‍රෝට+ ආරංචි විය. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ආකාරයද ඔහුට දැනගන්න ලැබිණ.+ 2 (මේ වන විට මෝසෙස් තම මාමා වන යෙත්‍රෝ වෙතට තම භාර්යාවව යවා තිබිණ.) යෙත්‍රෝ මෝසෙස්ගේ භාර්යාව වන ෂිප්පොරාවද 3 ඇගේ පුත්‍රයන් දෙදෙනාවද+ කැඳවාගෙන ආවේය. ඇගේ වැඩිමල් පුත්‍රයාගේ නම ගේර්ෂොම්ය.+ ඔහුට එම නම දෙනු ලැබුවේ, “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි” කියා මෝසෙස් පැවසූ නිසාය. 4 ඇගේ දෙවෙනි පුත්‍රයාගේ නම එලියේසර්ය.+ ඔහුට එම නම දුන් අවස්ථාවේදී මෝසෙස් මෙසේ කියා තිබිණ. “මගේ උපකාරකයා වන්නේ මගේ පියාගේ දෙවිය. මාව පාරාවෝගේ අතින් ගලවාගත්තේ ඔහුය.”+

5 පසුව මෝසෙස්ගේ මාමා වන යෙත්‍රෝද මෝසෙස්ගේ පුතුන් දෙදෙනා හා ඔහුගේ භාර්යාවද පාළුකරයේ ඔහු කඳවුරු බැඳගෙන සිටි ස්ථානය අසලට පැමිණියෝය. මෝසෙස් කඳවුරු බැඳගෙන සිටියේ සැබෑ දෙවිගේ කන්ද+ අසලය. 6 යෙත්‍රෝ+ මෝසෙස්ට පණිවිඩයක් යවා මෙසේ දැන්වීය. “ඔබේ භාර්යාව හා පුතුන් දෙදෙනා සමඟ මම ඔබව බලන්න ඇවිත් සිටිනවා.” 7 එය ඇසූ විගස මෝසෙස් තම මාමාව හමු වීමට ගියේය. ඔහු හිස නමා යෙත්‍රෝට ආචාර කර ඔහුව සිපගත්තේය.+ ඉන්පසු ඔවුහු එකිනෙකාගෙන් සැප දුක් විමසා කූඩාරම ඇතුළට ගියෝය.

8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගැනීමට පාරාවෝට හා ඊජිප්තු සෙනඟට කළ සියල්ල මෝසෙස් තම මාමා වන යෙත්‍රෝට විස්තර කළේය.+ ගමන අතරතුරේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ සියලු දුෂ්කරතා+ ගැනද යෙහෝවා දෙවි ඔවුන්ව ගලවාගත් ආකාරය+ ගැනද මෝසෙස් ඔහුට කීවේය. 9 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවරුන්ගේ අතින් බේරාගෙන ඔවුන් වෙනුවෙන් කළ සියලු යහපත්කම් ගැන ඇසූ විට යෙත්‍රෝ ඉතා සතුටු විය.+ 10 ඔහු මෙසේ කීවේය. “ඊජිප්තුවරුන්ගේ හා පාරාවෝගේ අතින් ඔබව ගලවාගත් යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+ 11 සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි උසස්+ බව දැන් මම දන්නවා. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව උද්ධච්ච ලෙස ක්‍රියා කළ ඊජිප්තුවරුන්ට දෙවි කළ දෙයින් ඒ බව හොඳින් ඔප්පු වුණා.” 12 දෙවිට ඔප්පු කරන පිණිස යාග හා දවන පූජාවක්+ යෙත්‍රෝ ගෙනාවේය. පසුව ආරොන්ද ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ එකට ඉඳගෙන සැබෑ දෙවි ඉදිරියේ කෑම කෑවෝය.+

13 පසුවදා මෝසෙස් සුපුරුදු පරිදි සෙනඟගේ නඩු විභාග කිරීම සඳහා හිඳගත්තේය.+ උදෑසන සිට සවස දක්වාම සෙනඟ ඔහු ළඟට ආවෝය. 14 මෝසෙස් සෙනඟ වෙනුවෙන් කළ සියල්ල දැක ඔහුගේ මාමා ඔහුට මෙසේ කීවේය. “ඔබ ඇයි මේ විදිහට නඩු විසඳන්නේ? උදේ සිට හවස් වන තුරු සෙනඟ ඔබ ළඟට එනවා. ඔබ තනියෙන්ම ඔවුන්ගේ නඩු විසඳනවා.” 15 එවිට මෝසෙස් තම මාමාට මෙසේ උත්තර දුන්නේය. “සෙනඟ මා ළඟට එන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ උපදෙස් ලබාගන්නයි.+ 16 ඔවුන්ට විසඳගන්න නඩුවක්+ තිබුණාම ඔවුන් මා ළඟට එනවා. නඩුවට සම්බන්ධ දෙපිරිසගේම කාරණා ඇසූ පසු මම සැබෑ දෙවිගේ අණපනත් හා ඔහුගේ තීන්දුව ඔවුන්ට දන්වනවා.”+

17 එය අසා මෝසෙස්ගේ මාමා ඔහුට මෙසේ කීවේය. “ඔබ කටයුතු කරන ආකාරය එතරම් සාර්ථක නැහැ. 18 ඔබ මෙලෙස දිගටම කළොත් ඔබත් ඔබ ළඟ සිටින සෙනඟත් හොඳටම හෙම්බත් වෙයි.+ කාගෙන් හෝ උදව්වක් නොමැතිව මේ කටයුතු සියල්ල ඔබට තනියෙන් කරන්න බැහැ.+ 19 දැන් මා කියන දේ අසන්න.+ මේ කාර්යය කරන්න ඕන විදිහ මම ඔබට කියා දෙන්නම්. දෙවි ඔබේ උපකාරයට ඉන්නවා+ කියා මට විශ්වාසයි. ඔබ සෙනඟ ඉදිරියේ සැබෑ දෙවිගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්න.+ ඔබ ළඟට නඩුවක් ගෙනා විට ඔබ ඒ ගැන සැබෑ දෙවිට දන්වන්න.+ 20 සෙනඟ පිළිපැදිය යුතු නීති හා පනත් ඔබ ඔවුන්ට දන්වන්න.+ ඔවුන් ජීවත් විය යුතු ආකාරය ගැනත් ඔවුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද කියාත් ඔවුන්ට කියා දෙන්න.+ 21 ඔබ මුළු සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන් කිහිපදෙනෙකුව තෝරාගන්න.+ ඔබ තෝරාගත් පුරුෂයන් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම පිළිකුල් කරන,+ දෙවිට ගරුබිය දක්වන,+ විශ්වාසවන්ත අය+ විය යුතුයි. සෙනඟව දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට+ වෙන් කර ඔවුන්ව බලාගැනීම සඳහා ඒ පුරුෂයන්ව+ පත් කරන්න. 22 එවිට සෙනඟගේ එදිනෙදා කාරණා ඔවුන්ට විභාග කළ හැකියි. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුන් ඔබ වෙතට ගෙනා යුතුයි.+ සුළු සුළු නඩු ඔවුන්ට තනියෙන් විසඳිය හැකියි. ඔබේ වැඩේ වඩාත් පහසු කරගැනීමට ඔබේ වගකීම ඔවුන් සමඟ බෙදාගන්න.+ 23 මම කියන විදිහට කළොත් මේ කාර්යය සාර්ථකව කරගැනීමට ඔබට හැකි වෙයි. සෙනඟද සමාදානයෙන් තම තමන්ගේ නිවෙස්වලට යයි.+ දෙවිත් මා කියන දේට එකඟ වෙයි.”

24 මෝසෙස් ඒ මොහොතේදීම තම මාමාගේ උපදෙස් පිළිගෙන ඒ අනුව ක්‍රියා කළේය.+ 25 ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය.+ 26 සෙනඟගේ එදිනෙදා කාරණා හා සුළු සුළු නඩු ඔවුහු තනිව විභාග කර විසඳුවෝය. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුහු මෝසෙස් වෙත ගෙන ආවෝය.+ 27 මෝසෙස්ගේ මාමා තමාගේ දේශයට පිටත්ව ගියේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න