ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 13:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:4; යෙරෙ 25:12; 50:1; එළි 18:2
  • +යෙසා 1:1

යෙසායා 13:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:2; 51:12, 27
  • +යෙසා 10:32
  • +යෙසා 45:1

යෙසායා 13:3

පාදසටහන්

  • *

    මූ.අ., “මාගේ ශුද්ධ තැනැත්තන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 149:7; යෝවෙ 3:11
  • +යෙරෙ 51:28

යෙසායා 13:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:11, 27
  • +යෙරෙ 50:3; 51:11; දානි 5:28
  • +යෙරෙ 50:15; 51:3

යෙසායා 13:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:9; 51:28
  • +යෙරෙ 51:11, 20

යෙසායා 13:6

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:14
  • +ශෙප 1:14
  • +යෙසා 13:18; යෙරෙ 50:13

යෙසායා 13:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:43

යෙසායා 13:8

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:6
  • +යෙරෙ 50:43
  • +යෝවෙ 2:6; නාහු 2:10

යෙසායා 13:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:42
  • +හිතෝ 13:21

යෙසායා 13:10

පාදසටහන්

  • *

    හෝ, “කේසිල් තරු මණ්ඩල.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 9:9; 38:31; ආමො 5:8

යෙසායා 13:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:8; යෙසා 24:6; යෙරෙ 51:37; එළි 18:2
  • +යෙරෙ 50:29; දානි 5:23

යෙසායා 13:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:11; 1ලේක 29:4; ගීතා 45:9
  • +යෙරෙ 50:30; 51:3

යෙසායා 13:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:5; යෙසා 13:6
  • +හග් 2:6, 21
  • +යෙරෙ 51:29; 2පේතෘ 3:10

යෙසායා 13:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:15
  • +යෙරෙ 50:16

යෙසායා 13:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:19; යෙරෙ 50:27; 51:3

යෙසායා 13:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:9
  • +ගීතා 137:8

යෙසායා 13:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 21:2; යෙරෙ 50:9; 51:11; දානි 5:31

යෙසායා 13:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 21:15; යෙරෙ 50:14, 42
  • +2රාජා 8:12; යෙසා 13:16

යෙසායා 13:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:5; යෙරෙ 51:13; දානි 4:30
  • +යෙසා 47:1
  • +උත් 19:24; ද්වි 29:23; යෙරෙ 49:18; 50:40; ශෙප 2:9

යෙසායා 13:20

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:37
  • +යෙසා 14:22; යෙරෙ 50:3, 13; 51:29; එළි 18:21

යෙසායා 13:21

පාදසටහන්

  • *

    හෝ, “එළුවන්ගේ හැඩයෙන් යුත් භූතයන්.” මෙහි සඳහන් වන්නේ භූතයන්ට හෝ භූතයන්ව මතකයට නඟන සත්තු ජාතියකට හෝ විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:11
  • +ලෙවී 17:7; 2ලේක 11:15; යෙසා 34:14; එළි 18:2

යෙසායා 13:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:13; මීකා 1:8
  • +ද්වි 32:35; දේශ 3:1; යෙරෙ 51:33; 2පේතෘ 2:3

වෙනත්

යෙසා. 13:1යෙසා 14:4; යෙරෙ 25:12; 50:1; එළි 18:2
යෙසා. 13:1යෙසා 1:1
යෙසා. 13:2යෙරෙ 50:2; 51:12, 27
යෙසා. 13:2යෙසා 10:32
යෙසා. 13:2යෙසා 45:1
යෙසා. 13:3ගීතා 149:7; යෝවෙ 3:11
යෙසා. 13:3යෙරෙ 51:28
යෙසා. 13:4යෙරෙ 51:11, 27
යෙසා. 13:4යෙරෙ 50:3; 51:11; දානි 5:28
යෙසා. 13:4යෙරෙ 50:15; 51:3
යෙසා. 13:5යෙරෙ 50:9; 51:28
යෙසා. 13:5යෙරෙ 51:11, 20
යෙසා. 13:6යෝවෙ 3:14
යෙසා. 13:6ශෙප 1:14
යෙසා. 13:6යෙසා 13:18; යෙරෙ 50:13
යෙසා. 13:7යෙරෙ 50:43
යෙසා. 13:8දානි 5:6
යෙසා. 13:8යෙරෙ 50:43
යෙසා. 13:8යෝවෙ 2:6; නාහු 2:10
යෙසා. 13:9යෙරෙ 50:42
යෙසා. 13:9හිතෝ 13:21
යෙසා. 13:10යෝබ් 9:9; 38:31; ආමො 5:8
යෙසා. 13:11ගීතා 137:8; යෙසා 24:6; යෙරෙ 51:37; එළි 18:2
යෙසා. 13:11යෙරෙ 50:29; දානි 5:23
යෙසා. 13:121රාජා 10:11; 1ලේක 29:4; ගීතා 45:9
යෙසා. 13:12යෙරෙ 50:30; 51:3
යෙසා. 13:13ගීතා 110:5; යෙසා 13:6
යෙසා. 13:13හග් 2:6, 21
යෙසා. 13:13යෙරෙ 51:29; 2පේතෘ 3:10
යෙසා. 13:14යෙසා 47:15
යෙසා. 13:14යෙරෙ 50:16
යෙසා. 13:15යෙසා 14:19; යෙරෙ 50:27; 51:3
යෙසා. 13:16ගීතා 137:9
යෙසා. 13:16ගීතා 137:8
යෙසා. 13:17යෙසා 21:2; යෙරෙ 50:9; 51:11; දානි 5:31
යෙසා. 13:18යෙසා 21:15; යෙරෙ 50:14, 42
යෙසා. 13:182රාජා 8:12; යෙසා 13:16
යෙසා. 13:19යෙසා 47:5; යෙරෙ 51:13; දානි 4:30
යෙසා. 13:19යෙසා 47:1
යෙසා. 13:19උත් 19:24; ද්වි 29:23; යෙරෙ 49:18; 50:40; ශෙප 2:9
යෙසා. 13:20යෙරෙ 51:37
යෙසා. 13:20යෙසා 14:22; යෙරෙ 50:3, 13; 51:29; එළි 18:21
යෙසා. 13:21යෙසා 34:11
යෙසා. 13:21ලෙවී 17:7; 2ලේක 11:15; යෙසා 34:14; එළි 18:2
යෙසා. 13:22යෙසා 34:13; මීකා 1:8
යෙසා. 13:22ද්වි 32:35; දේශ 3:1; යෙරෙ 51:33; 2පේතෘ 2:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 13:1-22

යෙසායා

13 බැබිලෝනියට විරුද්ධව දුන් තීන්දුව+ ගැන ආමොෂ්ගේ+ පුත් යෙසායාට ලැබුණු දර්ශනය මෙයයි. 2 “ජනයෙනි, පාළු පර්වතයක් මත කොඩියක් සිටුවන්න.+ අතින් සංඥා කර+ ඔවුන්ව කැඳවන්න. ඔවුන්ට හඬගසා උත්තමයන්ගේ දොරකඩින් ඇතුල් වෙන්න කියා පවසන්න.+ 3 මගේ උදහස ප්‍රකාශ කරන පිණිස මම මගේ බලවන්තයන්ව කැඳවාගතිමි.+ මා තෝරාගත් සටන්කරුවන්ට* නියෝගය දුන්නෙමි.+ ඔවුහු ප්‍රීතියෙන් ඉපිල යති. 4 සවන් දෙන්න! කඳුකරය දෙසින් සමූහයකගේ හඬ ඇසෙයි. ඔවුන්ගේ හඬ මහත් සමූහයක් නඟන හඬ මෙනි.+ සවන් දෙන්න! එකට එක් රැස් කරනු ලැබූ ජාතීහුද රාජ්‍යයන්ද එක්ව හඬ නඟති!+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා නම් වූ මම සේනාව සටනට සූදානම් කරමි.+ 5 ඒ සේනාව දුර බැහැර දේශයකින් පැමිණෙන්නෝය.+ ක්ෂිතිජය පෙනෙන දිශාවෙන් ඔවුහු එන්නෝය. මගේ උදහස ප්‍රකාශ කිරීමට ආයුධයක් මෙන් යොදාගන්නා ඒ සෙනඟ සමඟ යෙහෝවා දෙවි වන මම පැමිණ මුළු දේශයටම පහර දෙන්නෙමි.+

6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+ 7 එදාට සියල්ලෝම කිසිවක් කරකියාගත නොහැකිව භයෙන් වෙවුලන්නෝය.+ 8 ජනයා කැලඹීමට පත් වන්නෝය.+ ඔවුහු මහත් වේදනාද සිත්තැවුල්ද අද්දකින්නෝය. ස්ත්‍රියකට ඇති වන ප්‍රසව වේදනාව මෙන් දරුණු වේදනා විඳින්නෝය.+ එකිනෙකා දෙස භයෙනුත් පුදුමයෙනුත් බලා සිටින ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී ඇත.+

9 “යෙහෝවා දෙවි වන මාගේ දවස පැමිණෙන්නේය. මාගේ දැවෙන උදහස වගුරුවන එම දවස ඉතා භයානකය. මම දේශයේ පව්කාරයන්ව සහමුලින්ම නැති කර දමන්නෙමි.+ දේශයට සිදු වන විනාශය මොන තරම්ද කිවහොත් මිනිස්සු කට ඇර පුදුමයෙන් ඒ දෙස බලා සිටිති.+ 10 ඒ දවසේදී අහසේ තාරකාවත් එහි තාරකා මණ්ඩලවත්*+ බැබළෙන්නේ නැත. ඉර පායද්දීම එය අඳුරු වෙයි. සඳද එළිය නොදෙයි. 11 දේශයේ වැසියන් කළ දුෂ්ටකම්වලට මම නිසි දඬුවම් දෙමි.+ දුෂ්ටයෝ තමන් කළ වැරදිවලට දඬුවම් විඳිනු ඇත. අහංකාර අයගේ උඩඟුකමත් කුරිරු පාලකයන්ගේ උඩඟුකමත් මම පහ කර දමමි.+ 12 ඒ කාලයේදී මිනිසුන්ව සොයාගැනීම, ඕෆීර් දේශයේ අනර්ඝ රන්+ සොයාගැනීමටත් වඩා දුෂ්කර වෙයි.+ 13 ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ දැවෙන කෝපය ප්‍රකාශ කරන දවසේදී+ අහස පවා කම්පා වෙයි.+ මාගේ උදහස නිසා පොළොවද සෙලවී යන්නේය.+ 14 එවිට, පන්නා දැමූ මුවදෙනක මෙන්ද විසිරී ගිය බැටළු රැළක් මෙන්ද+ ඔවුහු එක් එක් කෙනා තම තමන්ගේ දේශයටත් තම තමන්ගේ සෙනඟ වෙතටත් හැරී යනු ඇත.+ 15 දේශයේ ඉතුරුව සිටින අයද දේශයෙන් පලා යන අයද යන දෙපිරිසම කඩුවෙන් මැරුම් කන්නෝය.+ 16 ඔවුන් බලා සිටියදීම සතුරෝ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමති.+ ඔවුන්ගේ ගෙවල් කොල්ල කා ඔවුන්ගේ භාර්යාවන්ව දූෂණය කරති.+

17 “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි.+ ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති. 18 ඔවුන් විදින ඊතල නිසා තරුණයෝ මැරී වැටෙති.+ දරුවන්ටවත් බිලිඳුන්ටවත් ඔවුහු අනුකම්පා නොකරති.+ 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි. 20 නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත.+ ඇයට නැවත කිසිදා ස්ථානයක් හිමි වන්නේද නැත.+ අරාබි ජාතිකයන් එහි තමන්ගේ කූඩාරම් ගසාගන්නේවත් එඬේරුන් තමන්ගේ බැටළු රැළවල් එතැනට ගෙන යන්නේවත් නැත. 21 වතුර නැති පාළු තැන්වල වෙසෙන වනසත්තු එහි වෙසෙති. එහි පාළුවට ගිය නිවෙස්වල ලගින්නේ බකමූණන් පමණි.+ පැස්බරුද භූතයෝද* එහි සැරිසරති.+ 22 එහි බලකොටුවල හිවල්ලු උඩු බුරති.+ ඔවුන්ගේ සුඛෝපභෝගී මන්දිර විශාල නාගයින්ට තෝතැන්නක් වනු ඇත. ඇයට දඬුවම් ලැබෙන කාලය අත ළඟය. එය ප්‍රමාද නොවෙයි. ඇයට ඉතුරුව ඇත්තේ තව ස්වල්ප කාලයක් පමණි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න