ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 21
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 21:1

පාදසටහන්

  • *

    මෙය, පුරාණ බැබිලෝනියේ දකුණු ප්‍රදේශය විස්තර කිරීමට භාවිත කළ යෙදුමක් බව පෙනී යයි. යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා දෙක අවුරුද්දකට වරක් පිටාර ගලා එම ප්‍රදේශය යටපත් කළේය.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:1, 20; යෙරෙ 51:42
  • +සෙක 9:14
  • +යෙසා 13:4, 18

යෙසායා 21:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:9; එළි 18:2
  • +යෙසා 33:1; යෙරෙ 51:48, 53
  • +යෙරෙ 51:11, 28; දානි 5:28; 8:20
  • +ගීතා 137:1; යෙසා 14:7; 35:10; යෙරෙ 31:12

යෙසායා 21:3

හරස් යොමු දැක්වීම්

  • +හබ 3:16
  • +යෙරෙ 50:43; 1තෙස 5:3

යෙසායා 21:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:67

යෙසායා 21:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 22:13; දානි 5:1
  • +යෙරෙ 50:35; 51:57
  • +2සාමු 1:21

යෙසායා 21:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:17; යෙසා 62:6; යෙරෙ 51:12; එස 3:17; 33:3; හබ 2:1; මතෙ 24:45

යෙසායා 21:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:29
  • +හබ 2:1

යෙසායා 21:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:3, 9; 51:27
  • +යෙසා 13:19; 14:4; 45:1; යෙරෙ 50:3; 51:8; දානි 5:28; එළි 14:8; 18:2
  • +යෙරෙ 50:2; 51:44, 52

යෙසායා 21:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:46; 2රාජා 13:7; යෙසා 1:25; මතෙ 3:12; හෙබ්‍රෙ 12:6

යෙසායා 21:11

පාදසටහන්

  • *

    ඒදොම් දේශයට දුන් නමකි.

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:3; ද්වි 2:8; ගීතා 137:7
  • +එළි 16:15

යෙසායා 21:13

පාදසටහන්

  • *

    හෝ, “පාළු සමභූමිය.” සිරියැක් පෙෂිටා හා ලතින් වල්ගේට් පිටපත්වල ‘අරාබිය’ යනුවෙන් සඳහන් වේ.

හරස් යොමු දැක්වීම්

  • +එස 27:15

යෙසායා 21:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 6:19; යෙරෙ 25:23

යෙසායා 21:16

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 7:1; යෙසා 16:14
  • +උත් 25:13; ගීතා 120:5; සල 1:5; යෙසා 42:11; එස 27:21

යෙසායා 21:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:28
  • +ගණන් 23:19; යෙසා 46:10; 55:11

වෙනත්

යෙසා. 21:1යෙසා 13:1, 20; යෙරෙ 51:42
යෙසා. 21:1සෙක 9:14
යෙසා. 21:1යෙසා 13:4, 18
යෙසා. 21:2යෙසා 13:9; එළි 18:2
යෙසා. 21:2යෙසා 33:1; යෙරෙ 51:48, 53
යෙසා. 21:2යෙරෙ 51:11, 28; දානි 5:28; 8:20
යෙසා. 21:2ගීතා 137:1; යෙසා 14:7; 35:10; යෙරෙ 31:12
යෙසා. 21:3හබ 3:16
යෙසා. 21:3යෙරෙ 50:43; 1තෙස 5:3
යෙසා. 21:4ද්වි 28:67
යෙසා. 21:5යෙසා 22:13; දානි 5:1
යෙසා. 21:5යෙරෙ 50:35; 51:57
යෙසා. 21:52සාමු 1:21
යෙසා. 21:62රාජා 9:17; යෙසා 62:6; යෙරෙ 51:12; එස 3:17; 33:3; හබ 2:1; මතෙ 24:45
යෙසා. 21:8යෙසා 5:29
යෙසා. 21:8හබ 2:1
යෙසා. 21:9යෙරෙ 50:3, 9; 51:27
යෙසා. 21:9යෙසා 13:19; 14:4; 45:1; යෙරෙ 50:3; 51:8; දානි 5:28; එළි 14:8; 18:2
යෙසා. 21:9යෙරෙ 50:2; 51:44, 52
යෙසා. 21:101රාජා 8:46; 2රාජා 13:7; යෙසා 1:25; මතෙ 3:12; හෙබ්‍රෙ 12:6
යෙසා. 21:11උත් 32:3; ද්වි 2:8; ගීතා 137:7
යෙසා. 21:11එළි 16:15
යෙසා. 21:13එස 27:15
යෙසා. 21:14යෝබ් 6:19; යෙරෙ 25:23
යෙසා. 21:16යෝබ් 7:1; යෙසා 16:14
යෙසා. 21:16උත් 25:13; ගීතා 120:5; සල 1:5; යෙසා 42:11; එස 27:21
යෙසා. 21:17යෙරෙ 49:28
යෙසා. 21:17ගණන් 23:19; යෙසා 46:10; 55:11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 21:1-17

යෙසායා

21 මුහුද අසල පිහිටි පාළුකරයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ දකුණු දිශාවෙන් හමා එන බිහිසුණු කුණාටුවක්+ වැනි වූ විපතක් පැමිණෙයි. පාළුකරයේ සිට බිය උපදවන ජාතියක් එන්නේය.+ 2 දරුණු සිද්ධීන් ඇතුළත් මේ දර්ශනය+ මා ඉදිරියේ දිගහැරිණ. වංචනික ලෙස කටයුතු කරන්නා තව තවත් වංචා කරන්නේය. කොල්ලකරුවා තව තවත් කොල්ල කන්නේය.+ ඒලාම් දේශයේ වැසියෙනි, දැන් ඒ දේශයට විරුද්ධව ගොස් යුද්ධ කරන්න! මේදිය+ වැසියෙනි, දේශය වටලන්න! මන්ද ඔවුන් අනුන්ට ඇති කරන දුක් පීඩා මම නවත්වන්නෙමි.+ 3 මෙය දුටු පසු මගේ ශරීරය පුරාම දරුණු වේදනාවක් දිව ගියේය.+ දරු ප්‍රසූතියේදී ස්ත්‍රියකට ඇති වන වේදනාව මෙන් දැඩි වේදනාවක් මට දැනිණ.+ කිසිම දෙයක් නොඇසෙන තරමටම මගේ සිත අවුල් වුණේය. කිසිම දෙයක් නොපෙනෙන තරමටම මගේ සිත කැලඹුණේය. 4 මගේ හදවත ගැහෙයි. මම භයෙන් වෙවුලමි. මා නිසංසල සන්ධ්‍යා වරුවට ප්‍රිය කළ නමුත් දැන් සවස් වී ගෙන එද්දී මගේ සිතට මහත් භයක් දැනෙයි.+

5 භෝජන සංග්‍රහයට මේසය සූදානම් කරන්න. අසුන් සූදානම් කරන්න. ඇති තරම් කන්න, බොන්න!+ පාලකයෙනි,+ දැන් නැඟිට පලිහට තෙල් ආලේප කරන්න.+ 6 මන්ද යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය.

“ඔබ දැන් මුරකරුවෙකුව පත් කර දකින දේ වාර්තා කරන්න කියා ඔහුට පවසන්න.”+

7 මුරකරු අශ්වයන් දෙදෙනෙකු බැඳ සිටි යුධ රථයක්ද බූරුවන් බැඳ සිටි රථයක්ද ඔටුවන් බැඳ සිටි රථයක්ද දුටුවේය. ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලූ ඔහු, 8 සිංහයෙකු ගර්ජනා කරන්නාක් මෙන් හඬ නඟා+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවියනි, මම මුරටැඹට වී රෑ දාවල් බලා සිටින්නෙමි.+ 9 දැන් මිනිසුන් කිහිපදෙනෙකු අශ්ව රථයක එනවා මට පෙනේ!”+

ඉන්පසු මුරකරු මෙසේ කීවේය. “ඇය වැටුණාය! බැබිලෝනිය වැටුණාය.+ දෙවි ඇගේ දේවතා රූප සියල්ල විනාශ කර පොළොවට සමතලා කර දැමුවේය!”+

10 කමතේ ධාන්‍ය මෙන් මඩිනු ලැබූ මගේ සෙනඟෙනි,+ මා ඔබට දැනුම් දුන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති හා ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට පැවසූ දේය.

11 දූමා දේශයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. සේයිර්+ දේශයේ සිට යමෙක් හඬගසා මගෙන් මෙසේ ඇසීය. “මුරකරුව, එළි වෙන්න තව කොපමණ වෙලා තියෙනවාද? තව කොපමණ වෙලා තියෙනවාද කියා මට කියන්න.”+ 12 එවිට මුරකරු මෙසේ පිළිතුරු දුන්නේය. “එළිය වැටෙයි. ආපසු රාත්‍රියත් උදා වෙයි. ඔබ කැමති නම් ඇවිත් විමසන්න. යළිත් එන්න!”

13 පාළුකරයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. දෙදාන් ගෝත්‍රයට අයත් තවලම්කරුවෙනි,+ පාළුකරයේ පිහිටි වනයක ඔබට රාත්‍රිය ගත කරන්න සිදු වෙයි. 14 තේමා+ දේශයේ වැසියෙනි, පිපාසිතයන්ට බොන්න වතුර දෙන්න. පලා යන අයව මුණගැසී ඔවුන්ට කෑමට යමක් දෙන්න. 15 මන්ද සතුරෝ ඔවුන්ට විරුද්ධව යුද්ධයට සැරසී ඇත. කඩුවෙන්ද දුන්නෙන්ද මැරුම් නොකන පිණිස ඔවුහු පලා යන්නෝය.

16 යෙහෝවා දෙවි මට මෙසේ කියා තිබේ. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක්+ මෙන් තව අවුරුද්දකින් කේදාර්+ ගෝත්‍රිකයන්ගේ තේජස මුළුමනින්ම පහ වී යයි. 17 ඔවුන් අතරේ සිටින බලවත් දුනුවායන්ගෙන් ඉතුරු වන්නේ අතළොස්සක් පමණි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා යමක් පැවසුවොත් එය එලෙසම සිදු වනු ඇත.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න