යෙසායා
4 ඒ දවසේදී ස්ත්රීන් සත්දෙනෙක් එක් පුරුෂයෙකුව අල්ලාගෙන,+ “අපේ නින්දාව පහ කිරීමට+ ඔබ අපේ ස්වාමිපුරුෂයා කියා කියන්න විතරක් අපට ඉඩ දෙන්න. අපේ කෑම බීම ගැනවත් ඇඳුම් පැළඳුම් ගැනවත් ඔබ කරදර විය යුතු නැහැ” යයි කියන්නෝය.
2 ඒ දවසේදී, යෙහෝවා දෙවි හටගන්න සලස්වන අංකුරය+ හොඳින් වැඩී දේශය අලංකාරවත් කර ගෞරවයට පත් කරන්නේය.+ දේශයෙන් ලැබෙන පලදාව ඊශ්රායෙල් සෙනඟ අතරින් ඉතුරු වූ අයට ඉතා අලංකාර දසුනක් වනු ඇත.+ ඔවුහු ඒ ගැන බොහෝ සෙයින් ආඩම්බර වන්නෝය.+ 3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+
4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+ 5 යෙහෝවා දෙවි මුළු සියොන් කන්දට+ හා ජනයා රැස් වන ස්ථානයට ඉහළින් දවාලේදී වලාකුළක් සහ දුමක්ද රාත්රියේදී+ දීප්තිමත් ගිනි ජාලාවක්ද+ පිහිටුවන්නේය. සියොන්හි තේජස එයින් ආරක්ෂා වන්නේය.+ 6 දවාලේ තද අව් රශ්මියෙන් විවේක ගැනීමටත්+ වැස්සෙන් හා කුණාටුවෙන් ආරක්ෂා වීමටත් ඔවුන්ට ස්ථානයක් තිබෙනු ඇත.+