යෙසායා
5 මා ප්‍රේම කරන තැනැත්තාට ඔහුගේ මිදිවත්ත+ ගැන මම දැන් ගීයක් ගයන්නෙමි. මා ප්‍රේම කරන තැනැත්තා සශ්‍රීක කඳු බෑවුමක මිදිවත්තක් වගා කළේය. 2 ඔහු එහි බිම කොටා ගල් ඉවත් කරමින් පස හොඳින් සූදානම් කළේය. ඉන්පසුව ඔහු ඉස්තරම් රතු මිදි වර්ගයක් වගා කර එහි වයින් සාදන යන්ත්‍රයක්ද සෑදුවේය.+ ඔහු මිදිවත්ත මැද ටැඹක් ඉදි කළේය.+ ඒ මිදිවැලෙන් හොඳ පලදාවක්+ ලැබෙයි කියා ඔහු බලාපොරොත්තු වුණත් එහි හටගත්තේ වල් මිදිය.+
3 “යෙරුසලමේ වැසියෙනි, යූදාහි ජනයෙනි, දැන් මා දෙසත් මගේ මිදිවත්ත දෙසත් බලා විනිශ්චය කරන්න.+ 4 මගේ මිදිවත්ත වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම මම කළෙමි. ඒ වෙනුවෙන් කරන්න තව කිසි දෙයක් ඉතුරු වී නැත.+ මම බලාපොරොත්තු වුණේ එයින් හොඳ පලදාවක් නොවෙයිද? එසේනම්, එයින් වල් මිදි හටගත්තේ කොහොමද? 5 මගේ මිදිවත්තට මම කරන්න යන දේ දැන් ඔබට දන්වමි. මම වත්ත වටේට සෑදූ වැට ඉවත් කර+ පුලුස්සා දමන්නෙමි.+ ගල්වලින් සෑදූ එහි තාප්පයද මම කඩා දමන්නෙමි. ඉන්පසු වත්ත පාගා දමනු ඇත.+ 6 මම එය පාළුවට යන්න ඉඩහරින්නෙමි.+ එහි මිදිවැල් කප්පාදු කරන්නවත් පස් බුරුල් කරන්නවත්+ කිසිවෙකු නොමැති නිසා, එය කටු පඳුරු හා වල් පැළෑටිවලින් වැසී යනු ඇත.+ වැසි නොවසින ලෙස මම වලාකුළුවලට අණ දෙන්නෙමි.+ 7 මේ මිදිවත්තේ+ අයිතිකරු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මමය. මිදිවත්තෙන් සංකේතවත් කරන්නේ ඊශ්‍රායෙල් ජාතියවයි. මා ප්‍රිය කළ මිදිවැල නම් යූදා ගෝත්‍රයයි.+ ඔවුන් යුක්තිය ඉටු කරයි+ කියා මා බලාපොරොත්තු වූ නමුත් ඔවුහු නීතියට ගරු නොකළෝය. ඔවුන් ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරයි කියා මා බලාපොරොත්තු වුණත් මට ඇසුණේ පීඩිතවූවන්ගේ විලාප හඬ පමණි.”+
8 අනුන්ට කිසිවක් ඉතුරු නොකර අවට තිබෙන නිවෙස්+ හා වතුපිටි සියල්ල අයිති කරගෙන+ දේශයේ තනිව ජීවත් වන අයට දුක් වෙන්න සිදු වෙයි. 9 මේ විශාල මන්දිර කොතරම් අලංකාරව තිබුණත් ඒවා ගරාවැටී පාළුවට යන ආකාරය දැක මිනිස්සු පුදුමයට පත් වන්නෝය. ඒ නිවෙස්වල එක් වැසියෙකුවත් ඉතුරු නොවන බවට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට දිවුරා පොරොන්දු විය.+ 10 අක්කර+ දහයක මිදිවත්තකින් ලැබෙන්නේ වයින් බාත් මිනුමක්*+ පමණි. බීජ හෝමරයක්* වැපුරුවත් ලැබෙන්නේ ධාන්‍ය ඒපාවක්* පමණි.+
11 හිමිදිරි පාන්දරින්ම නැඟිට මත්පැන්+ සොයා ගොස් රෑ යාමය දක්වාම බොමින් වෙරිමත් වී සිටින අයට අත් වන්නේ දුක පමණි.+ 12 වීණාවේ, කුඩා වීණාවේ, බට නළාවේ සහ රබානේ මිහිරි හඬ ඔවුන්ගේ උත්සවවලදී ඇසෙයි. ඔවුහු වයින් බොමින් ප්‍රීති වෙති.+ එහෙත් යෙහෝවා දෙවිගේ ක්‍රියා ඔවුහු ගණනකටවත් ගන්නේ නැත. ඒවා ගැන සොයා බලන්න ඔවුන්ට කිසිම වුවමනාවක් නැත.+
13 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන+ නිසා ඔවුන්ව වහල්භාවයට රැගෙන යනු ඇත. ඔවුන්ගේ උත්තමයෝ හාමතෙන්ද+ පොදු ජනයා පිපාසයෙන්ද පෙළෙනු ඇත.+ 14 මිනී වළද එහි කට අප්‍රමාණ ලෙස ඇරගෙන ඔවුන්ව ගිලගන්න මහත් ආශාවෙන් බලාගෙන සිටියි.+ නගරයේ උත්තමයන්වද පොදු ජනයාවද ඝෝෂා කරන්නන්වද ප්‍රීති ප්රමෝදයට පත් වන්නන්වද එය ගිලගනියි.+ 15 සැමදෙනාවම නින්දාවට පත් කරනු ලබයි. උත්තමයන්වත් පහත් කරනු ලබයි.+ 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය. 17 දේශයේ නටබුන් අතරේ බැටළුවෝ තණ කන්නෝය. ඔවුන්ගේ සතුන්ගේ ගොදුරුබිම් දැන් විදේශිකයන්ගේ ගොදුරුබිම් වී ඇත.+
18 සතෙකු කඹයකින් ගැලක් ඇදගෙන යන්නාක් මෙන් වංකව කටයුතු කර පාපය ඇදගන්නා අයට අත් වන්නේ දුක පමණි.+ 19 ඔවුහු මෙසේ කියති. “දෙවිට කැමති දෙයක් කරන්න කියන්න. අපේ ඇස් දෙකට දකින පිණිස පමා නොවී එසේ කරන්න කියන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය බලන්න අපිත් ආසයි.”+
20 යහපතට නපුර කියාද නපුරට යහපත කියාද+ අඳුරට ආලෝකය කියාද ආලෝකයට අඳුර කියාද තිත්ත දේට මිහිරි කියාද මිහිරි දේට තිත්ත කියාද පවසන සියලුදෙනාටම දුක් වෙන්න සිදු වෙයි.+
21 තමන් ප්‍රඥාවන්තයයි සිතන අයටත් තමන්ට නුවණ තිබෙනවායයි සිතන අයටත් දුක් වෙන්න සිදු වෙයි.+
22 බොහෝ වයින් බීමටත් සැර මත්පැන් සෑදීමටත් දක්ෂ වූ අයට අත් වන්නේද දුක පමණි.+ 23 අල්ලසක් ගෙන වරදකරුවෙකු නිදොස් බව ප්‍රකාශ කරන අයත්+ ධර්මිෂ්ඨයෙකු වරදකරුවෙකු බව ප්‍රකාශ කරන අයත් දුකට පත් වේ.+
24 ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නීතිය ප්‍රතික්ෂේප කළෝය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ වචනයට ඔවුහු අගෞරව කර ඇත.+ ඒ නිසා, ගිනිදැල්ලට පිදුරු දැවී යන්නාක් මෙන්ද+ වියළී ගිය තණකොළ පොළොවටම අළු වී යන්නාක් මෙන්ද ඔවුහු විනාශ වෙති. ඔවුන්ගේ මුල දිරාපත් වී ගඳගසයි.+ ඔවුන්ගේ මල් වියළී දූවිලි මෙන් සුළඟට ගසාගෙන යයි. 25 යෙහෝවා දෙවිගේ කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ඔහු අත දිගහැර ඔවුන්ට පහර දෙයි.+ එකල කඳු දෙදරුම් කයි.+ බැලූ බැලූ තැන ඔවුන්ගේ මළ මිනී කුණු කසළ මෙන් වීථිවල ගොඩගසා තිබෙයි.+
ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර තිබේ. 26 දෙවි කොඩියක් සිටුවා දුර ඈත සිටින බලවත් ජාතියකට සංඥාවක් දෙන්නේය.+ පොළොවේ ඈත කෙළවර සිටින ඒ ජනයාව කැඳවන්නේය.+ ඔහුගේ හඬ ඇසුණු විගස ඔවුහු වේගයෙන් පැමිණෙන්නෝය.+ 27 ඔවුන් අතරේ විඩාවට පත්වූවෙක්වත් දුර්වලයෙක්වත් නැත. කිසිවෙක් විවේක ගන්නේවත් නිදාගන්නේවත් නැත. ඔවුන්ගේ ඉඟපටි නොලිහෙන්නේය. වහන්පටිද නොකැඩෙන්නේය. 28 ඔවුහු තම ඊතල තියුණු කර දුන්න සූදානම් කරගෙන සිටිති.+ ඔවුන්ගේ අශ්වයන්ගේ කුර කලු ගල් මෙනි.+ ඔවුන්ගේ අශ්ව රථවල රෝද සුළිසුළඟක් මෙන් කැරකෙන්නේය.+ 29 ඔවුන්ගේ හඬ ගොරවන සිංහයෙකුගේ මෙනි. තරුණ කේශර සිංහයන්+ මෙන් ඔවුහු ගර්ජනා කරති. ඔවුහු ගොදුර ඩැහැගෙන කැමති තැනකට ඇදගෙන යති. ඔවුන්ව නතර කරන්න කිසිවෙකුට නොහැක.+ 30 ඔවුහු ගර්ජනා කරමින් ගොදුර ළඟින්ම සිටිති. ඔවුන්ගේ ගර්ජනා හඬ මුහුදේ ඝෝෂාව මෙන් වන්නේය.+ දේශය දෙස බලන ඕනෑම කෙනෙකු දකින්නේ බිය උපදවන ඝන අන්ධකාරයකි.+ මුළු අහසම වැහි වලාකුළුවලින් වැසී ඇත.