යෙරෙමියා
20 ඒ අනාවැකි යෙරෙමියා පවසද්දී ඉම්මේර්ගේ+ පුත්‍රයා වූ පෂ්හූර් එය අසාගෙන සිටියේය. පූජකයෙකු වූ ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළේය.+ 2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+ 3 නමුත් දඬුකඳේ ගසා සිටි යෙරෙමියාව ඔහු පසු දින නිදහස් කළේය.+ එවිට යෙරෙමියා ඔහුට මෙසේ කීවේය.
“යෙහෝවා දෙවි ඔබට පෂ්හූර් වෙනුවට මාගොර්-මිස්සාබිබ්*+ යන නම දී ඇත.+ 4 මන්ද යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඔබ හා ඔබට හිතවත් සියලුදෙනාවම මම භීතියට පත් වීමට සලස්වන්නෙමි. ඔබ බලා සිටියදීම+ ඔබට හිතවත් අය ඔවුන්ගේ සතුරන් අතින් මැරුම් කනු ඇත.+ මම යූදා වැසියන් සියලුදෙනාවම බැබිලෝනියේ රජුගේ අතට හසු කර දෙන්නෙමි. ඔහු ඔවුන්ගෙන් සමහරෙකුව බැබිලෝනියට වහලුන් ලෙස රැගෙන යනු ඇත. තවත් සමහරුන්ව කඩුවෙන් පහර දී මරා දමනු ඇත.+ 5 මේ නගරයේ සම්පත් සියල්ලද එහි තිබෙන අනර්ඝ වස්තුද සෙනඟ වෙහෙසී ඉපැයූ සියල්ලද යූදාහි රජවරුන්ගේ සියලු ධන සම්පත්ද මම ඔවුන්ගේ සතුරන්ට කොල්ල කෑමට ඉඩහරින්නෙමි.+ ඔවුහු ඒවා සියල්ල බැබිලෝනියට රැගෙන යනු ඇත.+ 6 පෂ්හූර්, ඔබට සිදු වීමට යන දෙයටත් ඇහුම්කන් දෙන්න. ඔබවත් ඔබේ ගෙයි වැසියන් සියලුදෙනාවත් වහලුන් ලෙස+ බැබිලෝනියට ගෙන යනු ලබන්නේය. ඔබ මිය යන්නේ එහිදීය. ඔබේ හිතවතුන් සියලුදෙනාත් සමඟ ඔබවත් එහිදී තැන්පත් කරනු ලැබේ.+ ඔබට මේ දේ අත් වන්නේ ඔබ සෙනඟට බොරු අනාවැකි පැවසූ නිසාය.’”+
7 යෙහෝවා දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළෙහිය. ඇත්තෙන්ම මම පුදුමයට පත් වුණෙමි. ඔබ මට වඩා බලවත් බව ඔප්පු කර පෙන්වා ජය ගත්තෙහිය.+ මම දවස පුරාම සමච්චලයට ලක් වුණෙමි. සියලුදෙනාම මට කවටකම් කළෝය.+ 8 මා මොරගසමින් සැමවිටම ප්‍රකාශ කළේ විපත්ති හා විනාශය ගැනයි.+ යෙහෝවා දෙවි වන ඔබේ පණිවිඩ මම ප්‍රකාශ කරන නිසා දවස පුරාම නින්දාවටත් සමච්චලයටත් ලක් වීමට මට සිදු විය.+ 9 එබැවින් මම මෙසේ සිතුවෙමි. “මින්පසු මම දෙවි ගැන කතා කරන්නේ නැහැ. ඔහුගේ නාමයෙන් මම කිසි දෙයක් ප්‍රකාශ කරන්නෙත් නැහැ.”+ මම එසේ සිතුවත් ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය. මට එය තවදුරටත් සිතේ තද කරගත නොහැකි විය. ඒ ගැන කතා නොකර සිටීම මට දරාගත නොහැකි වේදනාවකි.+ 10 බිය උපදවන බොහෝ දේවල් මා අවට සිදු වේ.+ බොහෝදෙනෙකු දොස් කියන ආකාරය මට ඇසෙයි. “ඔහුට විරුද්ධව යමක් කියන්න” කියා සෙනඟ එකිනෙකාව දිරිගන්වති.+ මට මතුපිටින් හොඳ මුහුණක් පෙන්වන අය මා අතින් වරදක් සිදු වන තෙක් බලා සිටිති.+ මන්ද ඔවුහු තමන් අතරේ මෙසේ කියාගත්තෝය. “සමහරවිට ඔහුගේ අතින් වරදක් සිදු වෙයි.+ එවිට ඔහුව හසු කරගෙන ඔහුගෙන් පළිගන්න අපට හැකි වෙයි.” 11 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ බලවත් මෙන්ම බිය උපදවන සටන්කරුවෙකු මෙන්+ මා සමඟ සිටින්නෙහිය.+ එබැවින් මට පීඩා කරන අයට කිසිසේත් සාර්ථක විය නොහැක.+ ඔවුහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නෝය. ජය ගත නොහැකි වූ නිසා ඔවුහු බොහෝ සෙයින් ලැජ්ජාවට පත් වන්නෝය. කිසිදා මැකී නොයන නින්දාවකට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත.+
12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයාව සෝදිසි කර බලන්නෙහිය.+ මිනිසාගේ හදවතේ ඇති දේද ඇතුළාන්ත හැඟීම්ද ඔබ හොඳින් දන්නෙහිය.+ ඔබ සතුරන්ට දඬුවම් කරන අයුරු මට දකින්න ලැබේවා!+ මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+
13 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න. යෙහෝවා දෙවිව පසසන්න. මන්ද අසරණයාගේ ජීවිතය ඔහු දුෂ්ටයන්ගේ අතින් ගලවාගත්තේය.+
14 මා උපන් දවසට ශාප වේවා! මගේ මව් මා බිහි කළ දවසට ශාප වේවා!+ 15 “ඔබට පුතෙක් ලැබුණා” කියා පවසමින්, මගේ පියාට මහත් ප්‍රීතියක් ගෙන දුන් පණිවිඩය+ ප්‍රකාශ කළ තැනැත්තාට ශාප වේවා! 16 ඒ මිනිසා, යෙහෝවා දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා විනාශ කර දැමූ නගර මෙන් වේවා!+ උදෑසනින්ම මොරගැසීමේ හඬද මධ්‍යාහ්නයේ යුධ නලාවේ හඬද ඔහුට ඇසේවා!+
17 දෙවි මාව මව්කුසේදීම නොමැරුවේ ඇයි? දෙවි එසේ කළා නම් මව්කුස මගේ සොහොන වනු ඇත. එවිට සදහටම ඇගේ කුස තුළ සිටීමට මට හැකි වනු ඇත.+ 18 මා මව්කුසින් මෙලොවට බිහි වුණේ කුමකටද?+ මේ මහත් දුක් ගැහැටවලට මුහුණ දෙන්නද?+ ජීවිත කාලය පුරාම ලැජ්ජාව අද්දකින්නද?+