ගණන් කතාව
17 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟගේ පෙළපත්වල අධිපතීන්ගෙන්+ සැරයටිය+ බැගින් ඉල්ලාගෙන ඔවුන් එක් එක් කෙනාගේ නම් ඒවා මත ලියන්න. පෙළපත් දොළහ නියෝජනය කිරීමට සැරයටි දොළහක් ගන්න. 3 ලෙවී ගෝත්‍රයෙන්ද සැරයටියක් ගෙන එහි ආරොන්ගේ නම ලියන්න. සැරයටිය මගින් නියෝජනය කරන්නේ ඔවුන්ගේ පෙළපතේ ප්‍රධානියාවයි. 4 සම්මුඛ වීමේ කූඩාරමේ මා නිතරම ඔබට පෙනී සිටින ස්ථානය+ වන ගිවිසුම් පෙට්ටිය+ ඉදිරියේ එම සැරයටි තබන්න. 5 මා තෝරාගන්නා+ තැනැත්තාගේ සැරයටියෙන් පොහොට්ටු හටගනී. ඊශ්‍රායෙල් සෙනඟට තවදුරටත් ඔබට විරුද්ධව+ මැසිවිලි නඟන්න මම ඉඩ නොදෙන්නෙමි. මෙසේ ඔවුන් මට විරුද්ධව නඟන මැසිවිලි+ මම නතර කර දමන්නෙමි.”
6 මෝසෙස්, දෙවි පැවසූ දේවල් ඊශ්‍රායෙල් සෙනඟට දැන්වූ පසු ඔවුන් අතරේ සිටි අධිපතීහු සැරයටි ගෙනැවිත් ඔහුට දුන්නෝය. එක් එක් අධිපතියා තම පෙළපත නියෝජනය කිරීමට සැරයටිය බැගින් දුන්නේය. සැරයටි දොළහ+ අතරේ ආරොන්ගේ සැරයටියද තබා තිබිණ.+ 7 මෝසෙස් ඒ සැරයටි ගෙන ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරමේ යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය.+
8 ඊට පසුවදා මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ගොස් බැලූ විට ලෙවී ගෝත්‍රය නියෝජනය කළ ආරොන්ගේ සැරයටියෙන් මල් සහ පොහොට්ටුද ඉදුණු ආමන්ඩ් ගෙඩිද හටගෙන තිබිණ. 9 මෝසෙස් යෙහෝවා දෙවි ඉදිරියේ තිබූ ඒ සැරයටි සියල්ල ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියට ගෙනාවේය. ඔවුහුද ඒවා පරීක්ෂා කර බැලුවෝය. අධිපතීහු තම තමාගේ සැරයටිය අතට ගත්තෝය.
10 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මේ කැරලිකාර+ සෙනඟ මට විරුද්ධව තවත් මැසිවිලි නොනඟන පිණිස සිහිගැන්වීමක්+ ලෙස ආරොන්ගේ සැරයටිය+ නැවත ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ තබන්න. ඔවුන් විනාශ නොවන පිණිස එසේ කරන්න.” 11 මෝසෙස් ඒ මොහොතේම යෙහෝවා දෙවි අණ කළ ලෙස කළේය.
12 පසුව ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ට මෙසේ කීවෝය. “අපි දැන් මැරෙයි. අපි හැමෝම විනාශ වෙලා යයි.+ 13 යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම ළඟට යන+ ඕනෑම කෙනෙක් මැරෙයි.+ අපි හැමෝගේම අවසානය මේකද?”+