ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගණන් කතාව 6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව 6:2

පාදසටහන්

  • *

    තේරුම, “කැප වූ හෝ වෙන් කර තබන ලද තැනැත්තෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:5

ගණන් කතාව 6:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:9; විනි 13:14; ආමො 2:12; ලූක් 1:15; 7:33

ගණන් කතාව 6:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:5; 16:17; 1සාමු 1:11
  • +විනි 16:19

ගණන් කතාව 6:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:1

ගණන් කතාව 6:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:11

ගණන් කතාව 6:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:14
  • +ගණන් 6:18

ගණන් කතාව 6:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 14:22

ගණන් කතාව 6:11

පාදසටහන්

  • *

    මූ.අ., “තම හිස.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:8
  • +ලෙවී 5:10; 14:31

ගණන් කතාව 6:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:2; විනි 13:5; 16:17
  • +ලෙවී 14:24

ගණන් කතාව 6:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2; දේශ 5:4; ක්‍රියා 21:26

ගණන් කතාව 6:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:10
  • +ලෙවී 4:32; 5:6
  • +ලෙවී 3:1

ගණන් කතාව 6:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:4
  • +ලෙවී 2:5
  • +නික් 29:2
  • +ලෙවී 2:1; 6:14
  • +ගණන් 15:10

ගණන් කතාව 6:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3

ගණන් කතාව 6:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ලෙවී 2:9

ගණන් කතාව 6:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:5; ක්‍රියා 18:18; 21:24

ගණන් කතාව 6:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:31; 1සාමු 2:15
  • +නික් 29:23

ගණන් කතාව 6:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:24; ලෙවී 10:15
  • +ගණන් 18:18
  • +ලෙවී 7:34
  • +දේශ 9:7; 10:19

ගණන් කතාව 6:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:2; විනි 13:5; 16:17

ගණන් කතාව 6:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:22; ද්වි 10:8; 21:5; ලූක් 24:50

ගණන් කතාව 6:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:11; 121:7; යොහ 17:11; 1පේතෘ 1:5
  • +රූත් 2:4; ගීතා 134:3

ගණන් කතාව 6:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:16; 67:1; 80:3
  • +උත් 43:29

ගණන් කතාව 6:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 4:6
  • +ගීතා 29:11; ලූක් 2:14; යොහ 14:27

ගණන් කතාව 6:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:10; 2ලේක 7:14; යෙසා 43:7, 10; දානි 9:19
  • +ගණන් 23:20; ගීතා 5:12; 67:7; 115:12; එෆී 1:3

වෙනත්

ගණන්. 6:2විනි 13:5
ගණන්. 6:3ලෙවී 10:9; විනි 13:14; ආමො 2:12; ලූක් 1:15; 7:33
ගණන්. 6:5විනි 13:5; 16:17; 1සාමු 1:11
ගණන්. 6:5විනි 16:19
ගණන්. 6:6ලෙවී 21:1
ගණන්. 6:7ලෙවී 21:11
ගණන්. 6:9ගණන් 19:14
ගණන්. 6:9ගණන් 6:18
ගණන්. 6:10ලෙවී 14:22
ගණන්. 6:11ලෙවී 5:8
ගණන්. 6:11ලෙවී 5:10; 14:31
ගණන්. 6:12ගණන් 6:2; විනි 13:5; 16:17
ගණන්. 6:12ලෙවී 14:24
ගණන්. 6:13ගණන් 30:2; දේශ 5:4; ක්‍රියා 21:26
ගණන්. 6:14ලෙවී 1:10
ගණන්. 6:14ලෙවී 4:32; 5:6
ගණන්. 6:14ලෙවී 3:1
ගණන්. 6:15ලෙවී 2:4
ගණන්. 6:15ලෙවී 2:5
ගණන්. 6:15නික් 29:2
ගණන්. 6:15ලෙවී 2:1; 6:14
ගණන්. 6:15ගණන් 15:10
ගණන්. 6:16ලෙවී 1:3
ගණන්. 6:17ලෙවී 3:1
ගණන්. 6:17ලෙවී 2:9
ගණන්. 6:18ගණන් 6:5; ක්‍රියා 18:18; 21:24
ගණන්. 6:19ලෙවී 8:31; 1සාමු 2:15
ගණන්. 6:19නික් 29:23
ගණන්. 6:20නික් 29:24; ලෙවී 10:15
ගණන්. 6:20ගණන් 18:18
ගණන්. 6:20ලෙවී 7:34
ගණන්. 6:20දේශ 9:7; 10:19
ගණන්. 6:21ගණන් 6:2; විනි 13:5; 16:17
ගණන්. 6:23ලෙවී 9:22; ද්වි 10:8; 21:5; ලූක් 24:50
ගණන්. 6:24ගීතා 91:11; 121:7; යොහ 17:11; 1පේතෘ 1:5
ගණන්. 6:24රූත් 2:4; ගීතා 134:3
ගණන්. 6:25ගීතා 31:16; 67:1; 80:3
ගණන්. 6:25උත් 43:29
ගණන්. 6:26ගීතා 4:6
ගණන්. 6:26ගීතා 29:11; ලූක් 2:14; යොහ 14:27
ගණන්. 6:27ද්වි 28:10; 2ලේක 7:14; යෙසා 43:7, 10; දානි 9:19
ගණන්. 6:27ගණන් 23:20; ගීතා 5:12; 67:7; 115:12; එෆී 1:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගණන් කතාව 6:1-27

ගණන් කතාව

6 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යම් මිනිසෙකු හෝ ස්ත්‍රියක හෝ යෙහෝවා දෙවි වන මට විශේෂ භාරයක් වෙමින් තමන් නසරීතවරයෙකු*+ ලෙස ජීවත් වන බවට පොරොන්දු වුණොත් 3 ඒ තැනැත්තා වයින් හෝ වෙනත් ඕනෑම මත්පැන් වර්ගයක් හෝ බීමෙන් වැළකිය යුතුයි. වයින්වලින් හෝ වෙනත් මත්පැන් වර්ගයකින්+ හෝ සෑදූ ඇඹුල් රසැති පානයක්වත් මිදිවලින් සෑදූ කිසිම පානයක්වත් ඔහු පානය නොකළ යුතුයි. ඉදුණු මිදිවත් වියළි මිදිවත් ඔහු නොකෑ යුතුයි. 4 නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදී ඔහු මිදිවැලේ පලදාවෙන් සෑදූ කිසිම දෙයක් නොකෑ යුතුයි. අමු මිදිවත් මිදිලෙලිවත් ඔහු නොකෑ යුතුයි.

5 “‘නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදී ඔහු තම හිසකෙස් නොකැපිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට කැප වී සිටින්න තමා පොරොන්දු වූ කාලය අවසන් වන තෙක් ඔහු තම හිසකෙස් දිගට වැවෙන්න ඉඩහැරිය යුතුය.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි. 6 යෙහෝවා දෙවි වන මට කැප වී සිටින මුළු කාලයේදී ඔහු මළ සිරුරක් ළඟට නොයා යුතුයි.+ 7 නසරීතවරයෙකු ලෙස දෙවිට කැප වී සිටින බව පෙන්වන පිණිස තම හිසකෙස් වවා තිබෙන ඒ කාලයේදී ඔහුගේ පියා හෝ මව හෝ සහෝදරයා හෝ සහෝදරිය හෝ මිය ගියොත් එම තැනැත්තා වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලට ඔහු සහභාගි නොවිය යුතුයි.+ මන්ද එසේ කළොත් ඔහු අපවිත්‍ර වන්නේය.

8 “‘නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදීම යෙහෝවා දෙවි වන මා ඔහුව සලකන්නේ ශුද්ධ කෙනෙකු ලෙසයි. 9 නමුත් යමෙකු ඔහු ළඟ සිටියදී හදිස්සියේම මිය ගියොත්+ එම තැනැත්තා නිසා ඔහු දූෂ්‍ය වෙයි. එබැවින් තමන් කැප වී සිටින බව පෙන්වීමට වැවූ හිසකෙස් ඔහු සම්පූර්ණයෙන්ම කැපිය+ යුතුයි. ඔහු තම හිසකෙස් කැපිය යුත්තේ තමන් පවිත්‍ර වන දවසේදී එනම්, හත්වෙනි දවසේදීය. 10 අටවෙනි දවසේදී ඔහු සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ සිටින පූජකයාට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනැවිත් දිය යුතුයි.+ 11 පූජකයා උන්ගෙන් එකෙකුව පාප පූජාවක්+ ලෙසද අනිකාව දවන පූජාවක්+ ලෙසද ඔප්පු කළ යුතුයි. මිය ගිය තැනැත්තාව ස්පර්ශ කිරීම නිසා ඔහු අතින් සිදු වූ වරදට සමාව ලබාගන්නා පිණිස පූජකයා එම පූජා ඔප්පු කළ යුතුයි. එදින ඔහු තමාවම* පවිත්‍ර කරගත යුතුයි. 12 ඔහු දූෂ්‍ය වූ නිසා නසරීතවරයෙකු ලෙස ජීවත් වීමට+ වූ භාරය අහෝසි වන්නේය. ඒ නිසා ඔහු යෙහෝවා දෙවි වන මට වූ එම භාරය නැවත මුල සිටම ඇරඹිය යුතුයි. ඔහු වන්දි පූජාවක්+ ලෙස අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවෙකු දෙවිට ඔප්පු කළ යුතුයි.

13 “‘නසරීතවරයෙකු විසින් අනුගමනය කළ යුතු නීතිය මෙයයි. ඔහු නසරීතවරයෙකු ලෙස ජීවත් වීමට පොරොන්දු වූ කාලය අවසන් වූ විට+ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟට ඔහුව ගෙනා යුතුයි. 14 ඔහු, යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පිණිස දවන පූජාවක්+ ලෙස අවුරුද්දක් පමණ වයසැති නිකැළැල් බැටළු පැටවෙකුවද පාප පූජාවක්+ ලෙස අවුරුද්දක් පමණ වයසැති නිකැළැල් බැටළුදෙනෙකුවද හවුල් පූජාවක්+ ලෙස නිකැළැල් බැටළුවෙකුවද ගෙනා යුතුයි. 15 සිහින් පිටි+ හා තෙල්+ මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා මුහුන් නොදැමූ සිහින් රොටි+ සහිත කූඩයක්ද ඒ සමඟ ඔප්පු කිරීමට ධාන්‍ය පූජාවක්+ හා පාන පූජාවක්ද+ ගෙනා යුතුයි. 16 පූජකයා ඔහු ගෙනා දේවල් යෙහෝවා දෙවි වන මා ඉදිරියට රැගෙන ආ යුතුයි. ඉන්පසු පූජකයා, ඔහු ගෙනා පාප පූජාව හා දවන පූජාව+ ඔප්පු කළ යුතුයි. 17 ඔහු කූඩයේ තිබෙන මුහුන් නොදැමූ රොටි සමඟ හවුල් පූජාව+ සඳහා ගෙනා බැටළුවාව යෙහෝවා දෙවිට ඔප්පු කළ යුතුයි. ඒ සමඟ ධාන්‍ය පූජාවද+ පාන පූජාවද ඔප්පු කළ යුතුයි.

18 “‘ඉන් අනතුරුව සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේදී නසරීතවරයා තම හිසකෙස් සම්පූර්ණයෙන්ම කැපිය+ යුතුයි. නසරීතවරයෙකු ලෙස කැප වී සිටි කාලයේදී වැවුණු තම හිසකෙස් ඔහු හවුල් පූජාව දවාලන ගින්නට දැමිය යුතුයි. 19 නසරීතවරයා එසේ කළ පසු බැටළුවාගේ තම්බාගත්+ ගාතයක් පූජකයා ගත යුතුයි. ඔහු මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටියක් හා මුහුන් නොදැමූ සිහින් රොටියක්+ කූඩයෙන් ගත යුතුයි. ඒ සියල්ල ඔහු නසරීතවරයාගේ අත් දෙක මත තැබිය යුතුයි. 20 පූජකයා ඒවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඒ මේ අත සෙලවිය යුතුයි.+ එය දෙවිට පිළිගන්වන පිණිස කරන සෙලවීමේ පූජාවකි. සෙලවීමේ පූජාව ඉතා ශුද්ධය. එය පූජකයාට අයිතිය. සෙලවීමේ පූජාව සඳහා වෙන් කළ සතාගේ පපු කොටසද+ ත්‍යාගයක් ලෙස දුන් උගේ ගාතයද+ පූජකයාට අයිතිය. එලෙස නසරීතවරයෙකු ලෙස ජීවත් වීමට වූ භාරය සම්පූර්ණ කළ පසු එම තැනැත්තාට නැවත වයින්+ පානය කිරීමට අවසර තිබේ.

21 “‘නසරීතවරයෙකු තමන්ට ඔප්පු කිරීමට නියම කළ පූජාවලට අමතරව තමාගේ වත්කමේ හැටියට යෙහෝවා දෙවි වන මට තවත් පූජාවන් ඔප්පු කරන බවට පොරොන්දු වුණොත් ඔහු එම පොරොන්දුවට එකඟවද ක්‍රියා කළ යුතුයි. නසරීතවරයෙකු විසින් අනුගමනය කළ යුතු නීතිය එයයි.’”+

22 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය.

24 “යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කර+ ඔබට ආශීර්වාද කරනු+ ලැබේවා!

25 යෙහෝවා දෙවි දයාවෙන් ඔබ දෙස බලා+ ඔබට කරුණාව පෙන්වනු ලැබේවා!+

26 යෙහෝවා දෙවි තම නෙත් ඔබ වෙත යොමා+ ඔබට සමාදානය දෙනු ලැබේවා!”’+

27 එලෙස ඔවුන් මාගේ නාමය භාවිත කර+ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුයි. එවිට මමද ඔවුන්ට ආශීර්වාද කරන්නෙමි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න