ද්විතීය කතාව
34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද, 2 නෆ්තලී දේශයද එෆ්‍රායිම් සහ මනස්සේ දේශද බස්නාහිර දෙසින් පිහිටි මුහුද+ දක්වාම විහිදී ගිය මුළු යූදා දේශයද මෝසෙස් දුටුවේය. 3 නෙගෙබ්+ ප්‍රදේශයද යොර්දාන් දිස්ත්‍රික්කයද+ තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ යෙරිකෝ නුවර+ අවට තැනිතලාවද ෂොවර් නුවරද+ දැකගැනීමට ඔහුට හැකි විය.
4 එහිදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසීය. “මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට දිවුරා පොරොන්දු වූයේ මේ දේශය ගැනයි. ඔවුන්ගෙන් පැවතෙන අයට දෙන බවට මා පොරොන්දු වූ දේශය මෙයයි.+ මේ දේශයට පය තබන්න ඔබට ලැබෙන්නේ නැත. නමුත් ඔබේ ඇස් දෙකෙන්ම එය දැකගැනීමට මම ඔබට අවස්ථාව ලබා දුන්නෙමි.”+
5 ඉන්පසුව යෙහෝවා දෙවි පැවසූ ආකාරයටම යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස්+ මෝවබ් දේශයේදී මිය ගියේය.+ 6 දෙවි මෝවබ් දේශයේ බෙත්-පෙයෝර්+ නුවර ඉදිරිපිට තිබූ නිම්නයේ ඔහුව භූමදාන කළේය. නමුත් ඔහුව භූමදාන කළ ස්ථානය කොතැනද කියා මේ දක්වා කිසිවෙක් දන්නේ නැත.+ 7 මෝසෙස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විස්සකි.+ මිය යන තුරුම ඔහුගේ ඇස් පෙනීමේ කිසි දුර්වලතාවක්වත්+ ඔහුගේ ශරීර ශක්තියේ කිසි අඩුවක්වත්+ දක්නට නොතිබිණ. 8 මෝවබ් පාළුකරයේ සිටි ඊශ්‍රායෙල්වරු මෝසෙස් වෙනුවෙන් දවස් තිහක් පුරා වැලපුණෝය.+
9 මිය යෑමට පෙර මෝසෙස් නූන්ගේ පුත් යොෂුවා පිට අත් තබමින්+ ඔහුව නායකයා ලෙස පත් කළේය. යොෂුවා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා+ ප්‍රඥාවන්තව කටයුතු කිරීමට ඔහුට හැකි විය. එහෙයින් ඊශ්‍රායෙල්වරු ඔහුට කීකරු වී යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් අණ කළ සියල්ල පිළිපැද්දෝය.+ 10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+ 11 යෙහෝවා දෙවි ඔහුව ඊජිප්තු දේශයට යවා ඔහු මාර්ගයෙන් පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් ඔහුගේ මුළු දේශයටත් විරුද්ධව බොහෝ ආශ්චර්යයන් හා බලවත් ක්‍රියාද කළේය.+ 12 මීට අමතරව මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියෙහි බොහෝ පුදුම ක්‍රියා කරමින් මහත් බලයක්ද විදහාපෙන්වීය.+