යොෂුවා
15 යූදා ගෝත්රයට අයිති පවුල්වලට දාදු දැමීමෙන්+ ලැබුණු ප්රදේශය ඒදොම්හි+ දේශ සීමාව දක්වාද ෂින් පාළුකරය+ සහ නෙගෙබ් ප්රදේශයේ+ දකුණු මායිම දක්වාද විහිදී ගියේය. 2 එම ප්රදේශයේ දකුණු මායිම ආරම්භ වන්නේ ලුණු මුහුදේ+ දකුණු කෙළවරේ සිටය. 3 එතැන් සිට එම මායිම දකුණු දෙසින් තිබෙන අක්රබ්බිම් බෑවුම+ හරහා ෂින්+ දක්වා දිව ගියේය. පසුව එය කාදෙෂ්-බර්නේය+ දෙසට හැරී හෙස්රොන් සහ අද්දාර් නගර හරහාද කර්කා නම් ස්ථානය හරහාද දිව ගියේය. 4 එය එතැන් සිට අෂ්මොන්+ දක්වාද ඊජිප්තු නිම්නය+ දිගේ ගොස් මහ මුහුදෙන් කෙළවර විය. යූදා ගෝත්රයට අයිති ප්රදේශයේ දකුණු සීමාව එයයි.
5 ඔවුන්ගේ නැඟෙනහිර සීමාව ලුණු මුහුදේ සිට යොර්දාන් ගඟේ මෝයකට දක්වා විහිදී යයි.+ ඔවුන්ගේ උතුරු සීමාව එම මෝයකටේ සිට 6 බෙත්-හොග්ලා නගරය+ දක්වාද බෙත්-අරබා නගරයට+ උතුරින් ගොස් බොහන් නමින් හැඳින්වූ ගල+ දක්වාද දිව ගියේය. (බොහන්, රූබෙන් ගෝත්රයෙන් පැවතෙන්නෙකි.) 7 ඒ දේශ සීමාව ආකොර් තැනිතලාවේ+ තිබෙන දෙබීර් නම් ස්ථානය දක්වාද උතුරු දෙසට තිබෙන ගිල්ගාල් නගරය+ දක්වාද විහිදී ගියේය. ගිල්ගාල් නගරය අදුම්මිම් බෑවුමට මුහුණ ලා පිහිටා තිබෙන්නේය. එම බෑවුම නිම්නයට දකුණින් පිහිටා ඇත. දේශ සීමාව ගිල්ගාල් සිට ඒන්-ෂෙමෙෂ්+ දිය පහර හරහා ඒන්-රොගෙල්+ දිය උල්පත දක්වා විහිදී ගියේය. 8 එතැනින් දේශ සීමාව හින්නොම් පුත්රයන්ගේ නිම්නය+ පසු කරගෙන යෙබූසිවරුන්ගේ+ නගරය වූ යෙරුසලම+ පිහිටි කන්දේ දකුණු පැත්තේ තිබෙන බෑවුම හරහා දිව ගියේය. හින්නොම් නිම්නයට බස්නාහිරෙන් පිහිටි කඳු මුදුන දක්වා ඒ දේශ සීමාව විහිදී ගියේය. එම කන්ද පිහිටා තිබෙන්නේ රෙෆායිම් තැනිතලාවේ+ උතුරු කෙළවරේය. 9 කඳු මුදුනේ සිට නෙෆ්තෝවා දිය උල්පත+ දක්වාද එෆ්රොන් කන්දේ පිහිටි නගර දක්වාද බායලා නගරය+ දක්වාද දේශ සීමාව විහිදී ගියේය. බායලා කිර්යත්-යෙයාරීම්+ යනුවෙන්ද හැඳින්වේ. 10 බායලා නගරයේ සිට බස්නාහිරෙන් පිහිටි සේයිර් කන්ද දක්වාද යෙයාරීම් කන්දේ උතුරු පැත්තේ බෑවුම එනම්, කෙසාලොන් හරහාද එම දේශ සීමාව විහිදී ගියේය. එතැනින් එය බෙත්-ෂෙමෙෂ් නගරය+ හරහා තිම්නාහ්+ දක්වාද විහිදී ගියේය. 11 එම දේශ සීමාව එක්රොන් නගරයේ+ උතුරු පැත්තේ තිබෙන බෑවුම දක්වා ගොස් ෂික්කෙරොන් දෙසට හැරී ගියේය. එය එතැනින් බායලා කන්ද දක්වාද යබ්නෙයෙල් දක්වාද විහිදී ගොස් මහ මුහුදෙන් කෙළවර විය.
12 ඔවුන්ගේ බස්නාහිර දේශ සීමාව වූයේ මහ මුහුදේ+ වෙරළබඩ තීරයයි. යූදා ගෝත්රයට අයිති පවුල්වලට ලැබුණු දේශයේ මායිම් ඒවාය.
13 යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ ලෙස යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට,+ යූදා ගෝත්රයට ලැබුණු ප්රදේශයේ පිහිටි කිර්යත්-අර්බා හෙවත් හෙබ්රොන් නමැති නගරය+ උරුමයක් ලෙස ලැබිණ. (අර්බා, අනාක්වරුන්ගේ පියාය.) 14 කාලෙබ් අනාක්ගේ පුත්රයන්+ වූ ෂේෂයිවද+ අහිමාන්වද තල්මයිවද+ ඒ නගරයෙන් පන්නා දැමුවේය. 15 ඉන්පසු ඔහු දෙබීර් නගරයේ වැසියන්ට විරුද්ධව සටන් කිරීමට පිටත්ව ගියේය.+ (දෙබීර් නගරය මීට කලින් හැඳින්වූයේ කිර්යත්-සේෆර් කියාය.)+ 16 එතැනට පිටත්ව යන විට කාලෙබ් මෙසේ කීවේය. “කිර්යත්-සේෆර් නගරයේ වැසියන්ට පහර දී නගරය අල්ලාගන්නා තැනැත්තාට මගේ දුව අක්සාව+ මම විවාහ කර දෙනවා.” 17 කාලෙබ්ගේ සහෝදරයා වූ කෙනෂ්ගේ+ පුත් ඔත්නියෙල්+ එම නගරයට පහර දී එය යටත් කරගත්තේය. එහෙයින් කාලෙබ් ඔහුට තම දියණිය වූ අක්සාව+ විවාහ කර දුන්නේය. 18 අක්සා ඇගේ පියාගේ ගෙදරින් පිටත්ව යන විට පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඇය තම ස්වාමිපුරුෂයාට ඇවිටිලි කළාය. ගමන යෑම සඳහා බූරුවා පිට නැඟ සිටි ඇය අත්පුඩි ගසා පියාට අඬගැසුවාය. එවිට කාලෙබ්, “මගේ දුවේ, ඔබට මොනවද ඕනේ” කියා ඇගෙන් ඇසුවේය.+ 19 “මට තවත් තෑග්ගක් දෙන්න. ඔබ මට දුන්නේ දකුණු දිශාවේ තියෙන වියළි බිම් කොටසක්. ඒ නිසා මට ගුල්ලොත්-මායිම්* ප්රදේශයත් දෙන්න පුළුවන්ද” කියා ඇය ඇසුවාය. කාලෙබ් ඇයට ගුල්ලොත් ප්රදේශයේ ඉහළ කොටසද පහළ කොටසද දුන්නේය.+
20 යූදා ගෝත්රයට+ අයත් පවුල්වලට ලැබුණු උරුමය මෙයයි.+
21 යූදා ගෝත්රයට ලැබුණු දේශයේ දකුණු කොටස ඒදොම් දේශ සීමාව+ දක්වා විහිදී ගියේය. දකුණු කොටසෙහි කෙළවරේ පිහිටි නගර මේවාය. කබ්ෂෙයෙල්,+ ඒදෙර් සහ යාගුර්, 22 කීනා, දිමෝනා සහ අදාදා, 23 කෙදෙෂ්, හාෂොර් සහ ඉත්නාන්, 24 ෂිප්, ටෙලෙම්+ සහ බෙයාලොත්, 25 හාෂොර්-හදත්තා, හාෂොර් කියාද හැඳින්වූ කෙරියොත්-හෙෂ්රොන්, 26 අමාම්, ෂෙමා, මොලාදා,+ 27 හෂර්-ගද්දා, හෙෂ්මොන්, බෙත්-පෙලෙත්,+ 28 හෂර්-ෂුවාල්,+ බෙයර්-ෂෙබා,+ බිසියොතීයා, 29 බායලා,+ ඉයීම්, ඒෂෙම්,+ 30 එල්තෝලද්, කේසිල්, හොර්මා,+ 31 ෂික්ලග්,+ මද්මන්නා, සන්සන්නා, 32 ලෙබායොත්, ෂිල්හිම්, ආයින්+ සහ රිම්මොන්ය.+ එම නගරවල ගණන විසිනවයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
33 පහත් බිම්වල*+ තිබූ නගර මේවාය. එෂ්තායොල්,+ ෂොරා,+ අෂ්නා, 34 ෂානොවා,+ ඒන්-ගන්නිම්, තප්පුවා, ඒනාම්, 35 යාමුත්,+ අදුල්ලාම්,+ සෝකෝ,+ අෂේකා,+ 36 ෂායරයිම්,+ අදීතයිම්, ගෙදේරා සහ ගෙදේරොතායිම්ය. එම නගරවල ගණන දහහතරකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
37 ෂෙනාන්, හදාෂා, මිග්දල්-ගාද්, 38 දීලෙයන්, මිෂ්පේ, යොක්තෙයේල්, 39 ලාකිෂ්,+ බොෂ්කත්,+ එග්ලොන්,+ 40 කබ්බොන්, ලාමාම්, කිත්ලිෂ්, 41 ගෙදේරොත්, බෙත්-දාගොන්, නයමා සහ මක්කේදාය.+ එම නගරවල ගණන දහසයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
42 ලිබ්නා,+ එතෙර්,+ ආෂාන්, 43 ඉෆ්තා, අෂ්නා, නේෂිබ්, 44 කෙයිලා,+ අක්ෂිබ්+ සහ මරේෂාහ්ය.+ එම නගරවල ගණන නවයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
45 එක්රොන් නගරයද+ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ඔවුන්ට උරුම විය. 46 එක්රොන් සිට බටහිර දෙසින් පිහිටි අෂ්දොද් දක්වා තිබෙන නගර සහ ගම්මාන සියල්ලද ඔවුන්ට අයිති විය.
47 අෂ්දොද් නගරයද+ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ගාසා නගරය+ සහ ඒ අවට තිබෙන කුඩා නගර සහ ගම්මානද ඊජිප්තු නිම්නය දක්වා තිබෙන ගම්මානද මහ මුහුද දක්වා තිබෙන ගම්මානද වෙරළබඩ තීරයද ඔවුන්ට අයිති විය.+
48 කඳුකර පළාතේ තිබූ නගර මේවාය. ෂාමීර්, යත්තීර්,+ සෝකෝ, 49 දන්නා, දෙබීර් කියාද හැඳින්වූ කිර්යත්-සන්නා, 50 අනාබ්, එෂ්තෙමෝ,+ ආනිම්, 51 ගෝෂෙන්,+ හෝලොන් සහ ගීලොය.+ එම නගරවල ගණන එකොළහකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
52 අරාබ්, දූමා, ඒෂාන්, 53 යානිම්, බෙත්-තප්පුවා, අපේකා, 54 හුම්තා, හෙබ්රොන්+ කියාද හැඳින්වූ කිර්යත්-අර්බා සහ ෂියොර්ය. එම නගරවල ගණන නවයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
55 මායොන්,+ කර්මෙල්, ෂිප්,+ යුත්තා, 56 යෙෂ්රෙයෙල්, යොක්දෙයාම්, ෂානොවා, 57 කායන්, ගිබෙයා සහ තිම්නාහ්ය.+ එම නගරවල ගණන දහයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
58 හල්හුල්, බෙත්-ෂූර්, ගෙදොර්, 59 මයරාත්, බෙත්-අනොත් සහ එල්තෙකොන්ය. එම නගරවල ගණන හයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
60 කිර්යත්-යෙයාරීම්+ කියාද හැඳින්වූ කිර්යත්-බාල්+ සහ රබ්බාය. එම නගරවල ගණන දෙකකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
61 පාළුකරයේ තිබූ නගර මේවාය. බෙත්-අරබා,+ මිද්දින්, සෙකාකා, 62 නිබ්ෂාන්, ලුණු නුවර සහ ඒන්-ගෙදීය.+ එම නගරවල ගණන හයකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ.
63 යෙරුසලමේ+ වාසය කළ යෙබූසිවරුන්ව+ පන්නා දැමීමට යූදා ගෝත්රයේ අයට නොහැකි විය.+ අද දක්වා යෙබූසිවරු, යුදෙව්වරුන් සමඟ යෙරුසලමේ වාසය කරති.