යොෂුවා
17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්‍රයා වූ මනස්සේ ගෝත්‍රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්‍රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්‍රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්‍රයාගේ නම ගිලියද්ය.+ 2 පසුව මනස්සේගෙන් පැවතෙන්නන් වන අබි-එෂෙර්ගේ,+ හේලෙක්ගේ,+ අස්‍රියෙල්ගේ, ෂෙකෙම්ගේ,+ හේෆෙර්ගේ සහ ෂෙමිදාගේ+ පවුල් උදෙසාද දාදු දමා දේශයෙන් කොටසක් වෙන් කර දුන්නේය. යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගෙන් පැවත ආ පවුල් ඒවාය. 3 මනස්සේගෙන් පැවත ආ ෂෙලොපෙහාද්+ නම් මිනිසෙක් සිටියේය. මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත් හේෆෙර් ඔහුගේ පියාය. ෂෙලොපෙහාද්ට පුත්‍රයෝ සිටියේ නැත. ඔහුට සිටියේ දූවරුන් පමණයි. ඔවුන් නම් මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂාය.+ 4 එම දූවරු පූජක එලියාසර්වද+ නූන්ගේ පුත් යොෂුවාවද අධිපතීන්වද හමු වී මෙසේ කීවෝය. “අපේ ගෝත්‍රයට අයත් කොටස බෙදා දෙන විට අපටත් උරුමයක් දෙන්න කියා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා.”+ යෙහෝවා දෙවි එසේ පවසා තිබූ නිසා ඔවුන්ගේ පියාගේ සහෝදරයන්ට මෙන් ඔවුන්ටද උරුමයක් ලැබිණ.+
5 යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ගිලියද් දේශයට සහ බාෂාන් දේශයට අමතරව යොර්දාන් ගඟට බස්නාහිරෙන් පිහිටි දේශයෙන් බිම් කොටස් දහයක්ද මනස්සේ ගෝත්‍රයට ලැබිණ.+ 6 මන්ද මනස්සේගෙන් පැවත ආ දූවරුන්ටත් පුත්‍රයන්ට මෙන් උරුමයක් ලැබිණ. මනස්සේ ගෝත්‍රයේ අනික් අයට ගිලියද් දේශය තම උරුමය ලෙස ලැබිණ.
7 මනස්සේ ගෝත්‍රයට ලැබුණු දේශයේ මායිම ආෂෙර් සිට ෂීකෙම් නගරයට+ ඉදිරියෙන් පිහිටි මික්මෙතාත්+ දක්වා දිව ගියේය. එය දකුණු දෙසින් පිහිටි එන්-තප්පුවාහි වැසියන් ජීවත් වූ ප්‍රදේශය දක්වාද දිව ගියේය. 8 තප්පුවා නගරය+ අවට ප්‍රදේශය මනස්සේ ගෝත්‍රයට උරුම වූ අතර මනස්සේ ගෝත්‍රයේ දේශ සීමාව අසල පිහිටි තප්පුවා නගරය එෆ්‍රායිම් ගෝත්‍රයට උරුම විය. 9 එතැනින් මනස්සේ ගෝත්‍රයේ දේශ සීමාව දකුණු දෙසට තිබෙන කානාහ් නිම්නය දිගේ දිව ගියේය.+ එම දේශ සීමාවේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් නගරද තිබිණ. මනස්සේ ගෝත්‍රයට අයත් දේශය කානාහ් නිම්නයට උතුරෙන් පිහිටා තිබුණු අතර එම දේශ සීමාව මහ මුහුදෙන් කෙළවර විය.+ 10 නිම්නයට දකුණෙන් එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් දේශයද නිම්නයට උතුරෙන් මනස්සේ ගෝත්‍රයට අයත් දේශයද පිහිටා තිබිණ. එම ගෝත්‍රයන්ට අයත් දේශ සීමාවන් දෙකෙහිම මායිම මහ මුහුදය.+ මනස්සේ ගෝත්‍රයට අයත් දේශය උතුරින් පිහිටි ආෂෙර් ගෝත්‍රයේ දේශ සීමාව දක්වාද නැඟෙනහිරෙන් පිහිටි ඉසකාර් ගෝත්‍රයේ දේශ සීමාව දක්වාද විහිදී ගියේය.
11 ඉසකාර් ගෝත්‍රයට සහ ආෂෙර් ගෝත්‍රයට අයිති ප්‍රදේශවල තිබූ නගර කිහිපයක්ද ඒවායේ ගම්මානද මනස්සේ ගෝත්‍රයට+ අයිති විය. ඒවා නම් බෙත්-ෂෙයාන්,+ ඉබ්ලෙයාම්,+ දෝර්* යන නගරත්+ ඒවාට අයිති ගම්මානත්ය. එමෙන්ම උස් ප්‍රදේශවල පිහිටි ඒන්-දෝර්,+ තයනක්+ සහ මෙගිද්දෝ+ යන ජනාවාස නගරත් ඒවාට අයිති ගම්මානත් ඔවුන්ට ලැබිණ.
12 මනස්සේ ගෝත්‍රයේ සෙනඟට එම නගර උරුම වුණත් එහි වාසය කළ කානානිවරුන්ව පන්නා දැමීමට ඔවුන්ට නොහැකි විය.+ 13 ඊශ්‍රායෙල්වරු දේශයෙහි තම බලය තහවුරු කරගත් නමුත්+ තම සතුරන් සියලුදෙනාවම දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ඔවුහු ඔවුන්ව මෙහෙකාරකමට තබාගත්තෝය.+
14 යෝසෙප්ගෙන් පැවතෙන්නෝ යොෂුවාට මෙසේ පැමිණිලි කළෝය. “යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කළ නිසයි අපේ සෙනඟ මෙතරම් වර්ධනය වුණේ.+ ඒත් ඔබ අපිට දුන්නේ දේශයෙන් කුඩා කොටසක්.”*+ 15 එවිට යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “එෆ්‍රායිම් දේශයේ කඳුකරයේ+ ජීවත් වෙන්න ඔබට ඉඩ මදි නම් පෙරිස්සිවරුන්+ සහ රෙෆායිවරුන්+ ජීවත් වන කඳුකර ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරගෙන එහි ජීවත් වෙන්න.” 16 එවිට යෝසෙප්ගෙන් පැවතෙන්නෝ ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “අපට ජීවත් වීමට කඳුකර ප්‍රදේශයේ ඉඩ මදි බව ඇත්තයි. ඒත් අපි කොහොමද තැනිතලාවේ ජීවත් වන කානානිවරුන්ට විරුද්ධව සටන් කරන්නේ? බෙත්-ෂෙයාන් නගරයේ+ හා ඒ අවට ගම්මානවල විතරක් නෙමෙයි යෙෂ්‍රෙයෙල් තැනිතලාවේ+ ජීවත් වෙන හැමෝටම රෝදවලට යකඩ උල් සවි කළ රථ තිබෙනවා.”+ 17 එවිට යොෂුවා යෝසෙප්ගෙන් පැවතෙන්නන් වන එෆ්‍රායිම් සහ මනස්සේ යන ගෝත්‍රවලට මෙසේ කීවේය. “එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවල සෙනඟගේ සංඛ්‍යාව ඉතා විශාලයි. ඒ වගේම ඔබ හරිම බලවත්.+ ඔබට දැන් තිබෙන ප්‍රදේශයේ ඉඩ මදි බව මම දන්නවා.+ 18 ඒ නිසා මුළු කඳුකර ප්‍රදේශයම ඔබ ගන්න.+ ඔබට අයිති දේශයේ සීමාව එයයි. ඒ ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරගන්න ඔබට සිදු වෙයි. එහි ජීවත් වන කානානිවරුන් බලවත් අය වෙන්න පුළුවන්. ඔවුන්ගේ රථවල රෝදවලට යකඩ උල් සවි කර තිබෙන්න පුළුවන්. ඒ මොන දේ තිබුණත් ඔබ ඔවුන්ව පන්නා දැමිය යුතුයි.”+