ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. තරුණියන් විසින් ගායනා කිරීම සඳහාය. කෝරාගේ පුත්‍රයන්+ රචනා කළ ගීතයකි.
2 පොළොව කම්පා වුණත්+
කඳු දෙදරුම් කා මහ මුහුදට කඩා වැටුණත් අපි බිය නොවන්නෙමු.+
3 මුහුදේ ජලය කැලඹී වේගයෙන් රළ ගැසුවත්+
ඒ මහා රළ පහරින් කඳු දෙදරුම් කෑවත් අපි බිය නොවන්නෙමු.+ සීලාහ්.
4 එක් ගංගාවක් ඇත. එයින් ගලා බසින අතු ගංගා දෙවිගේ නුවරේ වැසියන්ව සතුටට පත් කරයි.+
ඒ නුවර, මහෝත්තමයාණන්ගේ තේජවත් අතිශුද්ධ කූඩාරමයි.+
5 දෙවි ඒ නුවරේ වාසය කරයි.+ එය කවදාවත් බිඳ වැටෙන්නේ නැත.+
අලුයම උදා වන මොහොතේ සිට දෙවි එයට උපකාර කරයි.+
7 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+
යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.
8 ජනයෙනි, පැමිණ යෙහෝවා දෙවිගේ ක්‍රියා දෙස බලන්න.+
ඔහු පොළොවේ කර තිබෙන පුදුමාකාර දේවල් දෙසට ඔබේ නෙත් යොමු කරන්න.+
9 පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.+
දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය.+
යුධ රථ ගිනිබත් කරන්නේය.+