ආසාෆ් රචනා කළ ගීතයකි.
82 දෙවි+ තම සභාවේ සිටගෙන+
දෙවිවරුන් මැද විනිශ්චය කරන්නේය.+
2 “ඔබ තව කොපමණ කාලයක් අසාධාරණ ලෙස විනිශ්චය කරන්නහුද?+
දුෂ්ටයන්ගේ පැත්ත ගෙන කටයුතු කරන්නහුද?+ සීලාහ්.
3 අසරණයා හා පියා නැති දරුවා වෙනුවෙන්ද+
පීඩිතයා හා දුප්පතා වෙනුවෙන්ද යුක්තිය ඉටු කරන්න.+
4 අසරණයාව හා දුප්පතාව බේරාගන්න.+
දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවාගන්න.”+
5 නමුත් ඔවුහු කිසිවක් නොදනිති. කිසිවක් තේරුම් නොගනිති.+
ඔවුහු අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිති.+
පොළොවේ අත්තිවාරම සොලවනු ලැබේ.+
6 “මම මෙසේ කීවෙමි. ‘ඔබ දෙවිවරුය.+
ඔබ සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝය.+
7 නමුත් සාමාන්‍ය මිනිසුන් මෙන් ඔබත් මිය යනු ඇත.+
අන් පාලකයන් මෙන් ඔබත් වැටී යනු ඇත.’”+
8 දෙවියනි, පොළොව විනිශ්චය කිරීමට නැඟී සිටින්න.+
මන්ද සියලු ජාතීන් අයිති ඔබටය.+