ගීතාවලිය
3 මන්ද යෙහෝවා දෙවි උතුම් දෙවි කෙනෙකි.+
අන් සියලු දෙවිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ රජෙකි.+
4 පොළොවේ ගැඹුරුතම ස්ථාන ඔහුගේ අතේය.+
කඳු මුඳුන්වල අයිතිය ඔහුටය.+
5 ඔහු සාගරයේ සැදුම්කරු නිසා එහි අයිතියද ඔහු සතුය.+
ඔහුගේම දෑතින් ඔහු භූමියද සෑදුවේය.+
7 මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+
අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+
8 එබැවින් ඔබේ මුතුන්මිත්තන් මෙරිබාහිදී කළාක් මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.+
එදා පාළුකරයේ මස්සාහ් නම් ස්ථානයේ ඔවුන් කළ දේ නොකරන්න.+
9 ඔවුන් මාගේ ක්‍රියා දැක තිබුණත්+
එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා ඔවුහු පරීක්ෂා කර බැලුවෝය.+