යෝබ්
29 යෝබ් දිගටම එයාගේ තර්කය ඉදිරිපත් කළා.*
2 “අනේ මට ආයෙත් ගෙවී ගිය මාසවලට යන්න තිබුණා නම්!
ඒ දවස්වලදී මට දෙවියන්ගේ රැකවරණය තිබුණා.
3 ඔහුගේ පහන මගේ හිසට ඉහළින් දැල්වුණා.
ඔහු දුන්න ආලෝකය නිසා මම අඳුර මැදින් ගමන් කළා.+
4 ඒක මගේ ජීවිතයේ හොඳම කාලයයි.
ඒ කාලයේදී දෙවියන් කිට්ටු යාළුවෙක් වගේ මගේ කූඩාරමේ හිටියා.+
5 සියලු බලැති දෙවියන් හිටියේ මං ළඟින්මයි.
මගේ දරුවෝ* මාව වට කරගෙන හිටියා.
6 මං අඩිය තිබ්බ තැන් කිරිවලින්* නැහැවිලා තිබුණා.
මං ළඟට පර්වතවලින් තෙල් ගංගා ගලා ආවා.+
7 ඒ දවස්වලදී මම නගරයේ දොරටුව ළඟට ගිහින්,+
ප්රධාන හන්දියේ මට වෙන් කරපු ආසනයේ ඉඳගත්තා.+
8 තරුණයෝ මං එනවා දැක්කාම ඉන්න තැන්වලින් අයින් වෙලා මට ඉඩ දුන්නා.*
මහලු අයත් මාව දැක්කාම අසුන්වලින් නැඟිට්ටා.+
9 අධිපතීනුත් වචනයක්වත් නොකියා
අත්වලින් කටවල් වහගත්තා.
10 නායකයොත් මං ඉස්සරහා කිසිම දෙයක් කිව්වේ නැහැ.
හරියට දිව උඩු තල්ලට ඇලිලා තිබුණා වගේ එයාලා නිහඬව හිටියා.
11 මට ඇහුම්කන් දුන්න අය මං ගැන හොඳ කිව්වා.
මාව දැකපු අය මං වෙනුවෙන් කතා කළා.
12 මොකද අඬඅඬ උදව් ඉල්ලපු දුප්පතුන්ට මම පිහිට වුණා.+
පියා නැති දරුවන්ටත් අසරණ වුණ හැමෝටමත් මං අතහිත දුන්නා.+
14 මම ධර්මිෂ්ඨකම වස්ත්රයක් වගේ ඇඳගෙන හිටියා.
යුක්තිය හිස් පලඳනාවක් සහ පිට වස්ත්රයක් වගේ පැලඳගත්තා.
15 මං අන්ධයන්ට දෙනෙත් වගෙත්
කොර අයට දෙපා වගෙත් වුණා.
17 සතෙක්ගේ හකු බිඳලා උගේ කටින් ගොදුර බේරගන්නවා වගේ
වැරදිකරුවන්ගේ බලය බිඳලා මං එයාලාගෙන් අහිංසකයන්ව බේරගත්තා.+
18 ඒ කාලයේදී මම හිතුවේ මගේ අන්තිම හුස්ම පොදත් මං හෙළන්නේ මගේම ගෙදරදී කියලයි.+
වැලි කැට වගේ ගණන් කරන්න බැරි තරම් දවස් ගාණක් මං ජීවත් වෙයි කියලයි.
19 මං හිතුවේ මං, රෑ පුරාම පින්නෙන් තෙමෙන අතු තියෙන,
දිය උල්පත් වෙන කල්ම මුල් බැහැපු ගහක් වගේ වෙයි කියලයි.
20 මගේ ගෞරවය හැමදාටම පවතියි කියලත්
මගේ දුන්න කවදාවත් පහතට දාන්න වෙන එකක් නැහැ කියලත් මං හිතුවා.
22 මං කතා කළාට පස්සේ එයාලට කියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.
මගේ වචන එයාලාගේ කනට වැටුණේ හරියට හෙමිහිට වැටෙන වැහි පොද වගේ.
23 වැස්ස ඇද හැලෙන කල් බලන් ඉන්නවා වගෙත්
වසන්ත කාලයේ වැසි වැටෙන කල් බලන් ඉන්නවා වගෙත්+
එයාලා මං එන කල් ආසාවෙන් බලන් හිටියා.