ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සාදරයෙන් පිළිගනිමු.
මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ භාෂාවලින් නිපදවා ඇති ප්‍රකාශනවලින් තොරතුරු පර්යේෂණය කරන්න සකස් කරන ලද වැඩසටහනක්.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කිරීමට jw.org වෙත පිවිසෙන්න.
  • අද

ජූලි 30, බදාදා

“අපි අහපු දැකපු දේවල් ගැන කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ.”—ක්‍රියා 4:20.

යෙහෝවාගෙන් ප්‍රඥාවයි, නිර්භීතකමයි ඉල්ලන්න. එතකොට අපේ සේවේ සාර්ථකව කරන්න ඔහු උදව් කරයි. ප්‍රශ්න දරාගන්නත් ඔහුගෙන් උදව් ඉල්ලන්න. මොකද අපි හැමෝටම වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඒක ශාරීරික ලෙඩක් නැත්නම් මානසික ලෙඩක් වෙන්න පුළුවන්. නැත්නම් වියෝදුක නිසා ඔයා ලොකු වේදනාවකින් ඉන්නවා ඇති. එහෙම නැත්නම් පවුලේ ප්‍රශ්නයක් නිසා, විරුද්ධවාදිකම් නිසා නැත්නම් වෙන දෙයක් නිසා ලොකු පීඩනයක් දැනෙනවත් ඇති. ඒවා මදිවට වසංගත, යුද්ධ වගේ දේවල් ඇති වෙද්දී අපි තවත් අසරණ වෙනවා. ඒ වගේ වෙලාවට හොඳම යාළුවාට හැම දේම කියනවා වගේ දැනෙන හැම වේදනාවක්ම යෙහෝවාට කියන්න. එතකොට යෙහෝවා “ඔයා වෙනුවෙන් නිසි පියවර ගනියි.” (ගීතා. 37:3, 5) ‘පීඩා එද්දී ඒවා විඳදරාගන්න’ යාච්ඤාව උදව් වෙනවා. (රෝම 12:12) ඒ නිසා යාච්ඤා කරන්න. තමන්ගේ සෙනඟ මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම යෙහෝවා දන්නවා. ‘උපකාර ඉල්ලලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දෙනවා.’—ගීතා. 145:18, 19. w23.05 5-6 12-15¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025

ජූලි 31, බ්‍රහස්පතින්දා

“ඔයාලා කරන දේවල් ගැන ස්වාමීන් සතුටු වෙනවාද කියලා නිතරම හොයලා බලන්න.”—එෆී. 5:10.

අපේ ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙද්දී අපි “යෙහෝවා දෙවිගේ කැමැත්ත මොකක්ද” කියලා හොයලා බලලා ඒකට අනුව වැඩ කරන්න ඕනේ. (එෆී. 5:17) අපි බයිබල් ප්‍රතිපත්ති හොයලා බලනවා නම් අපි කරන්නේ දෙවියන්ගේ කැමැත්ත ඒ කියන්නේ දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන එක. අපි ඒ ප්‍රතිපත්ති අදාළ කරගද්දී අපිට අනිවාර්යයෙන්ම හොඳ තීරණ ගන්න පුළුවන්. හැබැයි සාතන් බලන්නේ අපේ කාලය සම්පූර්ණයෙන්ම මේ ලෝකේ දේවල්වලට දෙන්න අපිව පොලඹවන්න. (1 යොහ. 5:19) මොකද එයා දන්නවා එතකොට දෙවියන් වෙනුවෙන් දෙන්න අපිට කාලය ඉතුරු වෙන්නේ නැහැ කියලා. ක්‍රිස්තියානියෙක් වුණත් හරිම ලේසියෙන් යෙහෝවාට දෙන්න තියෙන කාලය සල්ලිවලට, ඉගෙනගන්න එකට සහ රස්සාවට දෙන්න පෙලඹෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඒකෙන් පේන්නේ එයා මේ ලෝකේ සිතුවිලි රටාවට අහු වෙලා කියන එකයි. ඇත්ත, අපි දන්නවා ඒ දේවල් වැරදි නැහැ කියලා. හැබැයි අපි කවදාවත් ඒවාට අපේ ජීවිතේ අංක එකට එන්න දෙන්න හොඳ නැහැ. w24.03 24 16-17¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025

අගෝස්තු 1, සිකුරාදා

“ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.”—ගීතා. 34:19.

අපි මේ ගීතිකාවෙන් පාඩම් දෙකක් ඉගෙනගන්නවා. (1) ධර්මිෂ්ඨ අයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. (2) දෙවියන් එයාලව හැම ප්‍රශ්නෙකින්ම ගලවගන්නවා. ඒත් කොහොමද? එක විදිහක් තමයි ඇත්ත ඇති සැටියෙන්ම දකින්න අපිට උදව් කරන එක. ඔව්, දෙවියන් පොරොන්දු වෙනවා ඔහුට සේවේ කරද්දී සැබෑ සතුට ලැබෙනවා කියලා. ඒත් මේ කාලේදී අපිට ප්‍රශ්න නැති ජීවිතයක් දෙනවා කියලා ඔහු කියලා නැහැ. (යෙසා. 66:14) අනාගතේදී තමයි සදහටම දුක, වේදනාව නැති ජීවිතයක් දෙන්න ඔහු පොරොන්දු වෙන්නේ. (2 කොරි. 4:16-18) හැබැයි ඒ කාලේ එන කල් ප්‍රශ්නවලින් එගොඩ වෙන්න ඔහු අපිට උදව් කරනවා. (විලා. 3:22-24) අතීතයේ සහ අද කාලේ ඉන්න යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ දිහා බලන්න. එතකොට තේරෙයි අපි හැමෝටම හිතපු නැති විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒත් අපි යෙහෝවා මත රඳා ඉන්නවා නම් ඔහු කවදාවත් අපිට වැටෙන්න දෙන්නේ නැහැ.—ගීතා. 55:22. w23.04 14-15 3-4¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025
සාදරයෙන් පිළිගනිමු.
මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ භාෂාවලින් නිපදවා ඇති ප්‍රකාශනවලින් තොරතුරු පර්යේෂණය කරන්න සකස් කරන ලද වැඩසටහනක්.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කිරීමට jw.org වෙත පිවිසෙන්න.
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න